කලාශූරි මොහිදීන් බෙග්ගේ ගීත 9කට වාරණ නියෝගයක්

Report

කලාශූරි මොහිදීන් බෙග්ගේ ජනප්‍රිය ගීත 9ක් යූටියූබ් වේදිකාවේ ප්‍රචාරය කිරීම සහ තෙවැනි පාර්ශ්වයන්ට පැවරීම වාණිජ මහාධිකරණය විසින් වාරණය කර තිබේ.

වාරණ නියෝගයට ලක්ව ඇති ගීත අතර “සකල සතම් බොධි බැතියෙන්”, “මිනිසාමයි ලොව දෙවියන් වන්නේ”, “සුවඳේ මට සීතල සුළඟ පවා”, “සම්මා සම්බුදු වූ”, “මල් සුගන්ධේ දම් සුගන්ධේ”, “බුදුන්ගේ අමා ධර්මේ”, “නින්දා ප්‍රශංසා”, “සරවණ බව” සහ “අනේක ජාති සංසාරේ” යන ගීත ඇතුළත් වේ.

පියුමි හංසමාලිට එරෙහිව රු. මිලියන 225ක බදු චෝදනා - කොළඹ මහාධිකරණයට අධිචෝදනා

පියුමි හංසමාලිට එරෙහිව රු. මිලියන 225ක බදු චෝදනා - කොළඹ මහාධිකරණයට අධිචෝදනා

මෙම ගීතවල පටිගත කිරීමේ සහ නිෂ්පාදනයේ බුද්ධිමය දේපළ හිමිකම් හිමි කලාශූරි මොහිදීන් බෙග්ගේ පුත් මොහිදීන් ඉල්ලියාස් බෙග් මහතා විසින් M. Entertainment (Private) Limited සමාගමට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

සියලු කරුණු සලකා බැලූ වාණිජ මහාධිකරණය මෙම වාරණ නියෝගය M. Entertainment (Pvt) Ltd සමාගමට එරෙහිව නිකුත් කර ඇති අතර, එකී ගීත වෙනත් පාර්ශ්වයන්ට පැවරීම, විකිණීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමද තහනම් කර තිබේ.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, මෙම ගීත සම්බන්ධයෙන් පැමිණිලිකරුට ඇති බුද්ධිමය දේපළ හිමිකම් කිසිදු අයෙකුට උල්ලංඝනය කළ නොහැකි බවත්, විත්තිකාර සමාගම එම හිමිකම් උල්ලංඝනය කර ඇති බවත්ය.

ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් රජයට උපදෙස් දෙන්න රනිල් සූදානම් - තලතා කියයි

ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් රජයට උපදෙස් දෙන්න රනිල් සූදානම් - තලතා කියයි

පැමිණිලිකාර මොහිදීන් ඉල්ලියාස් බෙග් මහතා වෙනුවෙන් නීතිඥ තිළිණි හේවාවිතාරණ මහත්මියගේ උපදෙස් මත නීතිඥ සදුන් සේනාධිපති මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙම නඩුව නැවත මෙම මස 31 වැනිදා කැඳවීමට අධිකරණය නියම කර ඇත.

ලංකාව යථා තත්ත්වයට පත්කරන්න චීනෙන් තල්ලුවක්

ලංකාව යථා තත්ත්වයට පත්කරන්න චීනෙන් තල්ලුවක්