මුළු ලංකාවටම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අසුබ ආරංචියක් - ඉදිරියට වෙන දේ ගැන දැනුම්දෙයි

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ඇස්තමේන්තුවලට අනුව, පසුගිය පෙබරවාරි මාසයේදී සියයට 1.2ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය මෙම මාර්තු මාසය අවසාන වන විට සියයට 2ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ භාණ්ඩ ආනයන පිරිවැය ඉහළ යාම මෙම තත්ත්වයට සෘජුවම බලපා ඇති ප්‍රධාන සාධක ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙම වර්ධනයත් සමඟ වසරේ දෙවන කාර්තුව අවසානය වන විට උද්ධමනය සියයට 5ක ඉලක්කගත මට්ටම කරා ළඟා වනු ඇතැයි මහ බැංකුව දැන් පුරෝකථනය කරයි.

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මීට පෙර ගණන් බලා තිබුණේ උද්ධමනය සියයට 5ක මට්ටමට ළඟා වනු ඇත්තේ වසරේ තුන්වන කාර්තුවේදී බව වුවද, පවතින ගෝලීය අර්බුදය හමුවේ එම ඉලක්කයට නියමිත කාලයට වඩා කලින් ළඟා වනු ඇති බව පෙනී යයි.

මේ හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ මෙරට මූල්‍ය ස්ථාවරත්වය සහ පාරිභෝගික මිල ගණන් කෙරෙහි මෙම උද්ධමනකාරී ප්‍රවණතාව තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉදිරියට තෙල් තියෙද නැද්ද සම්බන්ධයෙන් තෙල් සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්

ඉදිරියට තෙල් තියෙද නැද්ද සම්බන්ධයෙන් තෙල් සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්