ලංකාවේ "ක්ලීන් ශ්‍රී ලංකා" ඉන්දුනීසියාවටත්

By Zara Feb 25, 2025 03:06 PM GMT
Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ගුස්ටිනා ටොබින්ග් මහත්මිය අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදුව තිබෙනවා.

නව රජයට ඉන්දුනීසියානු රජයේ සුබ පැතුම් එක් කළ ඉන්දුනීසියානු තානාපති ගුස්ටිනා ටොබින්ග් මහත්මිය දෙරට අතර වසර 70ක මිතුදම ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව එහිදී සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් රජය ආරම්භ කර තිබෙන “ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනට සහයෝගය ලබා දෙන බවත් එවැනිම වැඩ සටහනක් ඉන්දුනීසියාවේද ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් තානාපතිවරිය සඳහන් කළා. ඉන්දුනිසියාව සහ ශ්‍රී ලංකාව අතර වර්ණීය වෙළෙඳ ගිවිසුම් සහ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම පිළිබඳ එම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සමාජයීය හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කරගනිමින් දෙරටටම වාසි සහගත අයුරින් වෙළඳපොළ පුළුල් කර ගැනීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

දකුණු කොරියාවේ E-8 වීසා ගැන කැබිනට් මණ්ඩලය ගත අලුත්ම තීරණය

දකුණු කොරියාවේ E-8 වීසා ගැන කැබිනට් මණ්ඩලය ගත අලුත්ම තීරණය

උතුරු නැගෙනහිර පමණක් නොව තවත් පළාත් දෙකක පාසල් හෙට වැසේ

උතුරු නැගෙනහිර පමණක් නොව තවත් පළාත් දෙකක පාසල් හෙට වැසේ