දකුණු කොරියාවේ E-8 වීසා ගැන කැබිනට් මණ්ඩලය ගත අලුත්ම තීරණය
By Gagana News
දකුණු කොරියාවේ E 8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදීම සඳහා කැබිනට් මන්දලක්යේ අනුමැතිය හිමිවී තිබෙනවා.
එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් බවයි එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්රමසිංහ මහතා පවසා ඇත්තේ.
වෙනත් කිසිදු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිත ආයතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීමට අවසර ලබා නොදෙන බව පැවසෙනවා.
ඒ බැවින් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින ලෙස ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සභාපතිවරයා වැඩිදුරටත් පෙන්නවා දී තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති, දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ තරුණයින් පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව කියා සිටියා.