ඉන්දියාවෙන් ලංකාවට රෝහලක්ම එවලා මෙන්න මිනිස්සු

Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම සඳහා, පූර්ණ ක්‍රියාකාරී ක්ෂේත්‍ර රෝහලකින් සමන්විත ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මෙම කණ්ඩායම මහියංගනය ප්‍රදේශයේ සහන සේවා කටයුතු වල නිරත වීමට නියමිත අතර, එහිදී ඔවුන් ගංවතුර හා ඒ ආශ්‍රිත ආපදාවලින් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර, හදිසි සත්කාර සහ අනෙකුත් මානුෂීය ආධාර ලබා දී ඇත.

මගේ සත්තු ටික වතුරේ ගියා උදේ වෙද්දී මාත් වතුරට පනින්න හිත හදාගත්තා

මගේ සත්තු ටික වතුරේ ගියා උදේ වෙද්දී මාත් වතුරට පනින්න හිත හදාගත්තා

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි එම නියෝජිත පිරිස යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ටිරල් ද සිල්වා සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නෙගි විසින් පිළිගන්නා ලදී.

ඉන්දීය හමුදා වෛද්‍ය බලකා කණ්ඩායමේ මෙම පැමිණීම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින කලාපීය හවුල්කාරිත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.  

උදව් කරන්න ආපු කොල්ලෝ ටිකට අම්බානක ගහලා - බෝට්ටුවත් හොරකම් කරන්න හදලා

උදව් කරන්න ආපු කොල්ලෝ ටිකට අම්බානක ගහලා - බෝට්ටුවත් හොරකම් කරන්න හදලා