ඉන්දීය මහ කොමසාරිස් මහින්ද බලන්න තංගල්ලට යයි [PHOTOS]

Report

ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අද දින (24) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ ඔහුගේ සුව දුක් විමසීමට තංගල්ල කාල්ටන් නිවස වෙත පැමිණියේය.

මේ පුද්ගලයින් රැකියාව අතරතුර මිය ගියොත් මිලියන 2ක වන්දියක්

මේ පුද්ගලයින් රැකියාව අතරතුර මිය ගියොත් මිලියන 2ක වන්දියක්

එහිදී ඔහුත් සමග බිරිඳ ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර කාල්ටන් නිවසට පැමිණි කොමසාරිස්වරයා සහ ඔහුගේ බිරිඳ මල් කළඹක් පිරිනමා පිළිගැනීමට ශිරන්ති රාජපක්ෂ කටයුතු කළාය.

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගරකාරියවසම් සහ හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර ලෂ්මන් යාපා අබේවර්ධනද සහභාගිි විය. එම අවස්ථාව සනිටුහන් කරමින් මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ මුහුණු පොතට සටහනක් එක් කොට තිබුණේ පහත ආකාරයටයි.

"ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මැතිතුමන් හා මා අතර සුහද හමුවක් අද (24) දින පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් තුමන්ගේ බිරිඳ වන තනුජා ජා මහත්මිය ද සම්බන්ධ වූ අතර එහිදී, දේශපාලනික හා පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කර ගනිමින් ඉතා සුහද පිළිසඳරක යෙදුණි. සිංහල සිරිතට මුල්තැන දෙමින් පැවති දිවා භෝජන සංග්‍රහය රසවිඳි එම මහතාගේ හා මහත්මියගේ මිත්‍රත්වය මම සතුටින් සිහිපත් කරමි. අප දෙරට අතර පවතින සමීප සම්බන්ධතාවය රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයකට වඩා ඉතා ගැඹුරුය.

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

එය ඓතිහාසික, ආගමික, සංස්කෘතික, ආර්ථික හා ආරක්ෂක යනාදී බහුඅංශවලින් සමන්විත වේ. වත්මන් ඉන්දියානු මහ කොමසාරිස්තුමන් තුළ ඉතිහාසය කෙරෙහි පවතින ප්‍රියතාවය සහ දැනුම, ඓතිහාසික බැඳීම් මතින් අප දෙරට අතර පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට සුවිශේෂී දායකත්වයක් සපයන බව මම විශ්වාස කරමි. ඓතිහාසික මිත්‍රත්වය මත පදනම්ව, වර්තමාන අවශ්‍යතා හඳුනාගෙන, අනාගතයේ වඩාත් ශක්තිමත් සහයෝගීතාවයක් ගොඩනැගීම සඳහා දෙනු ලබන ඔබතුමාගේ දායකත්වයට ස්තුති වන්ත වෙමි. තනුජා ජා මහත්මිය ද නැවතත් ගෞරවයෙන් සිහිපත් කරමි. මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ."

GalleryGalleryGalleryGalleryGalleryGallery