මොකක්ද මේ වෙන්න යන්නේ? - ඉන්දීය ධීවරයන් කල්පිටියත් අල්ලයි.
ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී ධීවර කටයුතු මේ වන විට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති අරුණ රොෂාන්ත සඳහන් කරන්නේ ඒ, හේතුවෙන් උතුරේ සහ දකුණේ ධීවරයන්ට ධීවර කර්මාන්තය නිසි ලෙස කළ නොහැකි තත්ත්වයක් ඇති බවයි.
ඒ, අනුව දිනකට ඉන්දීය ධීවර යාත්‍රා 500කට ආසන්න ප්‍රමාණයක් උතුරේ සිට කල්පිටිය මුහුදු සීමාවට පැමිණෙන බවත්, සතියකට දින තුනක් හතරක් එසේ ඉන්දීය ධීවරයන් පැමිණෙන බවත් ඔහු පේනවා දෙනවා.

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ලංකා ගමනයෙන් පසු . - ජනාධිපතිවරණයට සති තුනක් තිබියදී ප්‍රබල දේශපාලන වෙනසක්.
මේ අතර දීර්ඝ කාලයක් තිස්සේ උතුරු මුහුදු සීමාවට ඉන්දීය ධීවරයන් පැමිණ නීති විරෝධී ආකාරයට ධීවර කටයුතු කරන බවත්, මෙම තත්ත්වය නවතා දැමීමට රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් සිදු කරන ලෙස 2010 වසරේ සිට මෙරට දේශපාලනඥයන්ගෙන් ඉල්ලීම් කළ ද විසඳුම් ලබා දීමට කටයුතු නොකිරීම නිසා මේ වන විට කල්පිටිය මුහුදු තීරය දක්වා පැමිණෙන ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මත්ස්‍ය සම්පත කොල්ලකන බවත් අරුණ රොෂාන්ත අවධාරණය කරනවා.
