ඉන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමේ කිසිවෙක් නොසිතූ සිදුවීම් රැසක් ඊයෙ රෑ සිදුවෙයි..ලංකාවට තිබූ වටිනා අවස්ථාවක් ගිලිහීයයි..

Report

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය ලකුණු 41කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 213ක් .

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක රෝහිත් ෂර්මා ලකුණු 53ක් රැස්කර ගැනීමට සමත් විය.

කේ. එල්. රාහුල් ලකුණු 39ක් රැස්කර ගත්තේය. ඉෂාන් කිෂාන් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 33කි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය.

චරිත් අසලංක ද විශිෂ්ට පන්දු යැවීමක නිතර වෙමින් කඩුළු 4ක් දවා ගත්තා.

අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිලට පන්දුවාර 41යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 172ක් පමණයි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දුනිත් වෙල්ලාගේ ලකුණු 42ක් රැස්කර ගැනීමට සමත් විය.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 3ක් ද ඇතුළත් වේ.

ධනංජය ද සිල්වා රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 41කි.

ඒ අනුව ඉන්දීය පිල ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ඉන්දීය තරගයක් සමඟ ආසියානු කුසලාන තරගාවලියේ ලංකාවට හිමි තැන මෙන්න..

ඉන්දීය තරගයක් සමඟ ආසියානු කුසලාන තරගාවලියේ ලංකාවට හිමි තැන මෙන්න..