ශ්‍රී ලංකාවේ ප්‍රාර්ථනා බොඳ කරමින් කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව ඉන්දියාවට - ගියවර ශූරියන් අනුශූරතාවයෙන් සැනසෙති [VIDEO]
2026 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (13) සමත් වුණා. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 72කින් පරාජයට පත් කරමින් ඉන්දියාව මෙලෙස තරගාවලියේ ශූරතාව දිනාගත්තා.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 183ක් රැස් කළා.
ඉන්දීය ඉනිම ශක්තිමත් කරමින් ආරම්භක පිතිකාරිනියන් වන ෂෆාලි වර්මා සහ ස්මෘති මන්දනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 129ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගුවා.
ෂෆාලි වර්මා පන්දු 39කදී ලකුණු 68ක් රැස් කළ අතර, ස්මෘති මන්දනා පන්දු 39කදී ලකුණු 59ක් ලබාගත්තා. ඒ අනුව ලකුණු 184ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 111ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ නායිකා චමරි අතපත්තු පන්දු 32කදී ලකුණු 36ක් රැස් කළා. නිලක්ෂිකා සිල්වා ලකුණු 22ක් සහ විශ්මි ගුණරත්න ලකුණු 20ක් ලබාගත්තා. ඉන්දීය පන්දු යැවීමේදී ශ්‍රී චරනි කඩුලු 4ක් බිඳහෙළමින් ශ්‍රී ලංකා ඉනිම සීමා කිරීමට දායක වුණා.
ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරාජයට පත් කරමින් 2026 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව ඉන්දියාව හිමිකර ගත්තා.