මුළු ලංකාවටම සුබ ආරංචියක්
By Mithu
පසුගිය වසරේ මෙරටට පැමිණි විදේශ සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන 2.3 ක් ඉහළ ගොස් ඇති බව සංචාරකයින් අධිකාරිය පවසයි.
සහ වැඩිම පිරිසක් ඉන්දියානු සංචාරකයන් බවත් ඔවුන්ගේ සංඛ්‍යාව 531,511 ක් ලෙස ත් වාර්තා වේ. මෙය 2024 වසරට සාපෙක්ෂව 114,000 ක් ලෙස වාර්තා වෙයි.
දෙසැම්බර් මාසයේදී ඉන්දියානු ජාතිකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 56,715කි. අවම ප්‍රමාණයක් පෙබරවාරි මාසයේ පැමිණ ඇති බවත් එම ප්‍රමාණය 35,000ක් වන බවත් සංචාරක අධිකාරිය ප්‍රකාශ කරයි.
සමස්ථයක් ලෙස දෙසැම්බර් මාසයේ සංචාරකයින්ගේ පැමිණිම ඉහළ ගොස් ඇති අතර එම සංඛ්‍යාව 258,928ක් වේ.
යුරෝපා සහ ආසියානු පැසිෆික් කලාපයේ සංචාරකයින් සියයට 92.7ක ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති අතර ඒ සඳහා යුරෝපයේ දායකත්වය සියයට 51.3ක් වන බව සංචාරක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.