ජනපති හමු වූ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
මෙම හමුවේදී දෙරට අතර සුවිශේෂී ගිවිසුම් තුනකට අත්සන් තැබූ බව වාර්තා වේ.
දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පිළිගැනීම වෙනුවෙන් කොළඹදී පැවැති විශේෂ උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ඡා මහතා සඳහන් කළේ, මෙම සංචාරය දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් බවයි.
එහිදී අදහස් දැක්වූ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අවධාරණය කළේ, ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන ඕනෑම අවස්ථාවක සහය වීමට ඉන්දියාව සූදානම් බවත්, දෙරට අතර පවතින සමීප සංස්කෘතික හා ශිෂ්ටාචාරමය සබඳතා ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ශක්තිමත් පදනමක් සපයන බවත්ය.