ඉන්දු – පකිස්ථාන් ක්‍රිකට් තරගය බලන්න පුද්ගලික ජෙට් යානා 25 ක් ඇවිත්, ඩොලර් මිලියන ගණනක් එක රැයකින්
ඉන්දු – පාකිස්ථාන පන්දුවාර 20 ලෝක කුසලාන තරගය නැරඹීම සඳහා පෞද්ගලික ජෙට් යානා රැසක් මෙරටට පැමිණ තිබේ පෞද්ගලික ජෙට් යානා 25 ක් පමණ මෙරටට පැමිණ ඇති බවත් වාර්තා වේ.
මෙම ජෙට් යානා මෙරටට පැමිණීමත් සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කාර්යබහුලතාවක් ඇති වූ බවත් සදහන්ය.
සාමාන්‍ය ගුවන් ටිකට්පත් මිල 500% කින් පමණ ඉහළ ගොස් තිබූ අතර එනම් සාමාන්‍යයෙන් රු. 16,000ක් වන ටිකට් පතක් රු. 1,10,000 දක්වා ඉහළ ගොස් ඇත.
පැමිණි ජෙට් යානා වලින් 80%කට වඩා ඉන්දීය බෝලිවුඩ් තරු සහ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින්ගේ ඒවා වූ අතර, පාකිස්ථානය මූලික වශයෙන් තම රසිකයින් සඳහා PIA විශේෂ ගුවන් වාර 9ක් සංවිධානය කර තිබේ.
මෙය 2023 අහමදාබාද් තරගයේදී වාර්තා වූ ජෙට් යානා 150ක වාර්තාවට පසුව කලාපීය වශයෙන් වාර්තා වූ ඉහළ ගුවන් ගමන් තදබද වලින් එකක් වේ.
විශේෂයෙන්ම කොළඹ ප්‍රධාන පෙළේ තරු පහේ හෝටල්වල කාමර ධාරිතාව සෙනසුරාදා (14) රාත්‍රියේ 100% මට්ටමකට පැමිණ ඇති අතර සාමාන්‍යයෙන් ඩොලර් 150ක් පමණ වන කාමරයක මිල මෙහිදී ඩොලර් 1,000 (රුපියල් ලක්ෂ 3කට අධික) දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි .
මීට අමතරව කොළඹ නගරයේ ප්‍රවාහන සේවා සපයන්නන් සහ සමරු තිළිණ අලෙවි කරන්නන් ද අතිවිශාල ලාභයක් ලබමින් සිටිනු ලබයි.
තවද ක්‍රීඩා ලෝලීන් කොළඹ වෙරළ තීරය සහ නවීන නගර අලංකරණය පසුබිම් කරගනිමින් ඡායාරූප ගනිමින් සුහදව කාලය ගත කරන ආකාරය දැකගත හැකි විය.
විචාරකයන් සදහන් කරන්නේ ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ශ්‍රී ලංකාවට, මෙම ක්‍රිකට් තරගය ලකුණු සහ කඩුලු සටනකට එහා ගිය දැවැන්ත ගෝලීය අවධානයක් සහ මූල්‍යමය ශක්තියක් ලබා දී ඇති බවයි .
ඒ අනුව ක්‍රීඩා ලෝලීන්ගේ වඩාත් අවධානය දිනාගත් වඩාත් අවදානය දිනාගත් ඉන්දු – පාකිස්තාන තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් විය. එම ජයග්‍රහණයත් සමග ඉන්දීය කණ්ඩායම සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය .