ඉරාන නැවට ගැහුවට ඉන්දියාවත් සම්බන්දයිද? නිහඩතාව බිදිමින් ඉන්දියාව ඇත්ත කියයි

Report

ඉන්දීය රජය විසින් ඉන්දියානු සාගරයේදී ඉරාන නෞකාවට සිදු වූ ප්‍රහාරයට තමන් සම්බන්ධ බවට එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

අමෙරිකානු හමුදා ප්‍රධානියෙකු විසින් එරට මාධ්‍යට අදාළ ප්‍රහාරයට ඉන්දීය වරායක් යොදාගත් බවට පැවසීමේ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය මෙම නිවේදනය කර ඇත.

ඉන්දියන් සාගරයේ ඇමරිකානු පහරදීම - ඉරාන නැවට ප්‍රහාර එල්ල කිරීමේ දර්ශන එලියට

ඉන්දියන් සාගරයේ ඇමරිකානු පහරදීම - ඉරාන නැවට ප්‍රහාර එල්ල කිරීමේ දර්ශන එලියට

ඉරාන නාවික හමුදාවට අයත් 'අයිරිස් ඩෙනා' නම් යුද නෞකාව ගාලු ධීවර වරායට ධීවර සැතපුම් 40ක පමණ දුරින් අනතුරකට ලක්වු අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එහි සිටි පුද්ගලයන් 32 දෙනෙකු මුදාගැනීමට සමත්විය.

පසුව අදාළ පිරිස ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් එක අයෙක් මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ පසුවන බව තොරතුරු වාර්තා වේ.

අනතුර සිදුවූ ප්‍රදේශයේ නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අදාළ නෞකාවේ සිටි පුද්ගලයන් 87 දෙනෙකුගේ මෘතශරීර සොයාගෙන ගොඩබිමට ගෙන එන ලදී.  

සුළු මොහොතකට පෙර ඉරාන නැවට පහරදුන්නේ තමන් බව ඇමරිකාව නිවේදනය කරයි

සුළු මොහොතකට පෙර ඉරාන නැවට පහරදුන්නේ තමන් බව ඇමරිකාව නිවේදනය කරයි

අපි යද්දී තෙල් පැල්ලමක් විතරයි තිබ්බේ සම්පුර්ණයෙන්ම නැව මුහුදුබත් වෙලා - ඉරාන යුද නෞකාව ගැන හමුදාවෙන් ප්‍රකාශයක්

අපි යද්දී තෙල් පැල්ලමක් විතරයි තිබ්බේ සම්පුර්ණයෙන්ම නැව මුහුදුබත් වෙලා - ඉරාන යුද නෞකාව ගැන හමුදාවෙන් ප්‍රකාශයක්

ඉරාන නැවට ගැහුවට ඉන්දියාවත් සම්බන්දයිද? නිහඩතාව බිදිමින් ඉන්දියාව ඇත්ත කියයි | India Denies Involvement In Iran Warship Attack