රුපියල් 500 නෝට්ටු නතරවෙයි - ඉන්දියානුවන් අතර දැඩි කලකිරීම්..

Report

2026 වසරේ මාර්තු මාසයේ සිට රුපියල් 500 මුදල් නෝට්ටු භාවිතය නතර කිරීමට නියමිත බවට පළ වූ පුවතක් හේතුවෙන් ඉන්දීය ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති වී තිබේ.

“කැපිටල් ටීවී” නම් YouTube නාලිකාවක පළ කළ වීඩියෝවක සඳහන් වන්නේ, රජය විසින් රුපියල් 500 මුදල් නෝට්ටු භාවිතය 2026 මාර්තු මාසයේ සිට ක්‍රමයෙන් නතර කිරීමට පියවර ගන්නා බවයි.

මෙන්න දැන් ලැබුණු විශේෂ නිවේදනයක්...පාසල් රැසක් අද සිට දින ගණනාවක් යන තුරු වැසෙයි

මෙන්න දැන් ලැබුණු විශේෂ නිවේදනයක්...පාසල් රැසක් අද සිට දින ගණනාවක් යන තුරු වැසෙයි

මිනිත්තු 12කට ආසන්න මෙම වීඩියෝව ලක්ෂ ගණනක ජනතාවක් නරඹා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම පුවතත් සමඟ ඉන්දීය ජනතාව අතර ඇති වූ බලපෑම හේතුවෙන්, ඉන්දීය රජයේ මාධ්‍ය තොරතුරු පරීක්ෂා කිරීමේ ආයතනය වන මාධ්‍ය තොරතුරු කාර්යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එම කාර්යාංශය එක්ස් හි සටහනක් තබමින් පවසා ඇත්තේ, රුපියල් 500 නෝට්ටු අත්හිටුවීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවත්, ඒවා තවමත් නීත්‍යානුකූල මුදල් ලෙස පවතින බවත් ය.

පියුමිගේ ක්‍රීම් මමවත් පියුමිවත් ගෑවේ නෑ. හිටපු පෙම්වතා කට අරියි

පියුමිගේ ක්‍රීම් මමවත් පියුමිවත් ගෑවේ නෑ. හිටපු පෙම්වතා කට අරියි

එසේම, ව්‍යාජ තොරතුරුවලට හසු නොවන ලෙස ජනතාවට දැනුම් දී ඇත.

2016 නොවැම්බර් 08 වැනි දින, අගමැති නරේන්ද්‍ර මෝදි විසින් රටේ දූෂණයට එරෙහිව සටන් කිරීම සහ ව්‍යාජ මුදල් නෝට්ටු ගැටලුව විසඳීමේ පියවරක් ලෙස එවකට පැවති රුපියල් 500 නෝට්ටු අවලංගු කර, වත්මන් රුපියල් 500 මුදල් නෝට්ටුව හඳුන්වා දෙනු ලැබීය.

තායිලන්තය-කාම්බෝජ සීමාවේ ආරක්ෂාව දැඩි වෙයි!

තායිලන්තය-කාම්බෝජ සීමාවේ ආරක්ෂාව දැඩි වෙයි!