සිත් පිත් නැති කුකුල් චමින්දට අධිකරණය දුන් නියෝගය..
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද නමැති පුද්ගලයා ඇතුළු තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගැණින.
එම සිදුවීමට අදාළ පුද්ගලයා සහ පහරදීමට ආධාර අනුබල දීමේ චෝදනා මත තවත් කාන්තාවන් දෙදෙනෙකු ද අද (05) අලුයම පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
එලෙස එම සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ සැකකාරියන් දෙදෙනාව ඇතුළු සියලු සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ සැකකරුවන් පදවිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව ඔවුන්ව ජුනි මස 19 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත.
මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක් සහ 37 සහ 46 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් වන අතර ඔවුන් වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් ය.