දැනගෙන හිටිය ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

Report

මහජන බැංකුව විසින් සිය ගණුදෙනුකාරභවතුන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

දැනගෙන හිටිය ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO) | Peoples Bank Announsment

ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයින් විසින් නොදැනුවත්වම සබැඳි ක්ලික් කිරීම සහ වංචා සහගත යෙදුම් සහ ගොනු බාගත කිරීම ආශ්‍රිතව ගෝලීය හා දේශීය වශයෙන් සිදුවන මූල්‍ය වංචා සම්බන්ධ සිදුවීම් කිහිපයක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි. 

ජංගම දුරකථන උපාංග වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව වංචාකරුවන් විසින් මෙලෙස ලබා ගනී.මෙමගින් එම උපාංග දුරස්ථව පාලනය කිරීමේ හැකියාව ඔවුන් ලබා ගනී.

එම ජංගම උපාංග පාලනය කිරිමෙ අවස්ථාව වංචනකයින් අතට හසු වූ පසුව එහි අන්තර්ගත බැංකු/ගෙවීම් යෙදුම් වෙත ඔවුන්ට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව උදා වේ.

ඒ තුළින් බැංකු ගිණුම් සහ ගෙවීම් කාඩ්පත් තොරතුරු ලබා ගනිමින් ඒවා වංචනිකව භාවිතා කර ඔවුන්ට මුදල් සොරකම් කළ හැකිය.

වහාම ක්‍රියාත්මකයි - ලිට්‍රෝ ගෑස් සමාගම ගත්ත විශේෂ තීරණය මෙන්න.

වහාම ක්‍රියාත්මකයි - ලිට්‍රෝ ගෑස් සමාගම ගත්ත විශේෂ තීරණය මෙන්න.


එවැනි වංචාවලට හසු නොවීමට වඩාත් කල්පනාකාරී වන ලෙස කටයුතු කරන ලෙස මහජන බැංකුව විසින් මහජනතාවට දැනුම් දෙයි.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින්,

Gallery