ජල සැපයුම ගැන මෙන්න විශේෂ නිවේදනයක්
ශ්රී ලංකාවේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රට පුරා පැවති ජල පොම්පාගාර 343න් 156කට අර්ධ හෝ පුර්ණ හානි සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.
තවද මේ වනවිට එම ජල පොම්පාගාරවලින් 126ක් යථා තත්ත්වයට පත්කර ඇති බව එම මණ්ඩලයේ සභාපති, චන්දන බණ්ඩාර මහතා ප්රකාශ කර තිබේ.
ඒ වගේම එතුමා සදහන් කළේ ජල පොම්පාගාර 30ක් පමණ සකස් කරමින් පවතින බවත් මීවතුර ජල පොම්පාගාරය අද දිනය තුළ ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
තවද එය ක්රියාත්මක කිරීමෙන් පිළිමතලාවට සහ ගෙලිඔය ජල සැපයුම ලබාදිය හැකි බවත් එතුමා සදහන් කර තිබේ.
ඒ අනුව එම මහතා සදහන් කළේ මහනුවර ජල සම්පාදන ක්රියාවලිය මේ වනවිට ආරම්භ කර ඇති බවයි .
එහෙත් එම ජල සැපයුම නගර සීමාව අර්ධ පරිමාණයෙන් ලබාදෙන බවත් මහනුවර සහ පේරාදෙණිය රෝහල්වලට සම්පූර්ණ වශයෙන් ජල සැපයුම ලබාදීමට කටයුතු කළ බවත් තවදුරටත් චන්දන බණ්ඩාර මහතා සදහන් කර තිබේ.
තවද කටුගස්තොට ජල පොම්පාගාරය නැවත ක්රියාත්මක කිරීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, ඉදිරි දිනය තුළ ක්රියාවිරහිතව ඇති ජල පොම්පාගාර පිළිසකර කිරීමෙන් ජල සැපයුම 100%කින් ලබාදීමට හැකි වේවියැයි බලාපොරොත්තු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, චන්දන බණ්ඩාර මහතා සදහන් කරයි.