වාහනයක මිලත් එක්ක.. ගෙන්වීමේ අවදානම පාර්ලිමේන්තුවේ දී මතුව එයි.. ආනයනය නවතා දමයි?..

Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ පවතින ක්‍රියාවලිය තුළ වාහන ආනයනය අවදානම් බවයි.

රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන්නේ මෙහෙමයි.. උපාධිධාරීන් වගේම තරුණ පිරිස්..

රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන්නේ මෙහෙමයි.. උපාධිධාරීන් වගේම තරුණ පිරිස්..

අයවැය කියන දවසෙම.. තෙල් මිලට වුණ දෙය මෙන්න..

අයවැය කියන දවසෙම.. තෙල් මිලට වුණ දෙය මෙන්න..

ඒ මහතා මේ බව සදහන් කළේ අද (18) අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ මෙවැන්නකී,

"ලක්ෂ 14ට විට්ස් එකක් ගන්න පුළුවන් කියලා කවුද කිව්වා.. මම බැලුවා toyota raize එක ලක්ෂ 122යි, යාරිස් එක ලක්ෂ 185යි, ප්‍රියස් එක ලක්ෂ 289යි..

මෙතන ලොකු අවුලක් නිර්මාණය වෙලා තියෙනවා. ඊයේ ජනාධිපතිතුමා කිව්වා මේ බදු වැඩි වීමේ වැඩි දායකත්වයක් තියෙන්නේ මෝටර් වාහන ආනයනය හරහා කියලා. මම හොයලා බැලුවා කොහොමද කියලා.

දළ දේශීය නිෂ්පාදනයෙන් 1.6%ක් විතර වැඩි වෙන්න ඕනේ බදු. ඒකෙන් භාගයක් විතර වාහන ආනයනයෙන් තමයි එන්නේ. ඉතිං වාහන ආනයනය අතිෂෙයින්ම අවදානම්..

මොකද මේ වගේ ගණන්වලට කවුද වාහන ගේන්නේ. ඔහොම වාහන ගේන්න සල්ලිකාරයෝ මම නම් හිතන්නේ නෑ ලංකාවේ ඉන්නවා කියලා.."

You May Like This Video👇