වහා, ඉදිරි දින 4 තුළ අවසන් කළ යුතුයි.. පුරප්පාඩුත් පුරවයි.. දීමනාවකුත් වැඩි කරයි.. ජනපති දුන් නියෝගය මෙන්න..(PHOTOS)

Anura Kumara Dissanayaka Government Of Sri Lanka President of Sri lanka Latest Headlines AKD
By krishani Jan 12, 2025 03:04 PM GMT
krishani

krishani

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකා රේගුව සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම් අතර ජනාධිපති කාර්යාලයේ අද (12) සාකච්ඡාවක් පැවැත්විණ.

එහිදී ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

ලක්ෂ 30ක් දක්වා ගිය වැගන් ආර් බද්ද.. අනිත් වාහන වලට?.. වාහන මිලට වෙන දෙය මෙන්න..(VIDEO)

ලක්ෂ 30ක් දක්වා ගිය වැගන් ආර් බද්ද.. අනිත් වාහන වලට?.. වාහන මිලට වෙන දෙය මෙන්න..(VIDEO)

රන් මිලත් කරණම් ගහයි.. පැන්න පිම්ම එක්ක.. නව මිල ගණන් මෙන්න..

රන් මිලත් කරණම් ගහයි.. පැන්න පිම්ම එක්ක.. නව මිල ගණන් මෙන්න..

එමෙන්ම, ශ්‍රී ලංකා රේගුව ඇතුළු රාජ්‍ය අංශයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කළ ජනාධිපතිවරයා වරාය ආශ්‍රිත සේවා සපයන සංගම්වල ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කළේ ය.

මෙහිදී වරාය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන නමුත් මෙම අවස්ථාවේදී පවතින තත්ත්වය නිරාකරණය සඳහා සියලු දෙනා එක්ව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී.

ජනාධිපති උපදෙස් පරිදි මෙම අවස්ථාවේදී උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙක අතරම එකඟතාවයන් ඇති කර ගන්නා ලදී.

ආනයනික බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කරමින් පවතින තත්ත්වත්වය නිරාකරණය සඳහා ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සතියේ දින හතම පැය විසි හතරම රාජකාරි කිරීමට එකඟතාවය පල කරන ලදී.

එමෙන්ම, පර්යේෂණ මට්ටමේ තිබෙන බහාලුම් රඳවා ගැනීම සඳහා කඩිනම් පියවරක් ලෙස UCT (Unity container Terminal) හි ඉඩකඩ වෙන් කිරීමට අමාත්‍යාංශ තීරණය කර ඇත.

ඒ අනුව බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ තිබෙන අක්කර පහක භුමි ප්‍රමාණය භාවිතා කිරීමට මෙහිදී තීරණය කරන ලදී.

ඉන් අක්කර දෙකක ප්‍රමාණයක් ජනවාරි 31 වන දා වන විට නිදහස් කර ගැනීමටත් ඉතිරි භුමි ප්‍රමාණය පෙබරවාරි 28 වනදා වන විට ලබා දීමටත් තීරණය විය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

You May Like This Video👇 


GalleryGallery
ReeCha