"රටම එකට" පෙරමුණට - අලුත්ම පුනරුත්ථාපන මධ්‍යස්ථාන 06කට කැබිනට් අනුමැතිය
“රටම එකට” මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන යටතේ, කෙටිකාලීන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 06ක් ස්ථාපිත කිරීම සහ ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෑත කාලයේ මෙම වැඩසටහන හරහා ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර සේවාවන් වෙත යොමු වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ, පවතින නේවාසික පහසුකම් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් ඇති වී ඇති බව හඳුනාගෙන ඇත.
ඒ අනුව, රට පුරා ව්‍යුහගත ප්‍රතිකාර සහ පුනරුත්ථාපන සේවා පුළුල් කිරීමේ අවශ්‍යතාව මතුව ඇති අතර, ඌන උපයෝජිත රාජ්‍ය ගොඩනැගිලි පරිශ්‍ර 06ක් මේ සඳහා යෝග්‍ය ස්ථාන ලෙස හඳුනාගෙන තිබේ.
මෙම මධ්‍යස්ථාන රජයේ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමද සිදු කිරීමට කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.