අන්තර් පළාත් බස් සේවයට නව ක්‍රමවේදයක්

Report

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අන්තර් පළාත් මගී සේවා අවසර පත්‍ර ලබා දීමේදී අනුගමනය කළ යුතු නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අන්තර් පළාත් මගී සේවා අවසර පත්‍ර ලබා දීමේදී අනුගමනය කළ යුතු නව ක්‍රම වේදයක් ක්‍රියාත්මක කිරීම පිණිස 2023-12-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

සුරේෂ් සලේට එරෙහි නඩුවේ නව නියෝගයක්

සුරේෂ් සලේට එරෙහි නඩුවේ නව නියෝගයක්

ඒ අනුව, සකස් කරනු ලැබූ නව ක්‍රම වේදය සමාලෝචනය කිරීමෙන් අනතුරුව 2025 අංක 8 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනතේ සඳහන් නිර්ණායකයන් ද සැලකිල්ලට ගනිමින් අන්තර් පළාත් මගී සේවා අවසර පත්‍ර ලබා දීම සඳහා නව ක්‍රම වේදයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කරනු ලැබ ඇත.

මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාශීලීව සිටින බස් රථ හිමියන් ආරක්ෂා වන පරිදිත්, නව ආයෝජකයින්ට පොදු ප්‍රවාහන සේවා සැපයීමට ඇති අවස්ථාවන් පුළුල් කිරීම මඟින් ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට මගීන්ට ඇති අයිතිය තහවුරු වන පරිදිත් එකී ක්‍රම වේදය සකස් කරනු ලැබ තිබේ.

ඒ අනුව, මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීමෙ නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.

පාස්කු ප්‍රහාර නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නව කමිටුවක්

පාස්කු ප්‍රහාර නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නව කමිටුවක්