මුළු ලංකාවටම IMF එකෙන් අනතුරු ඇඟවීමක්

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මඟින් ශ්‍රී ලංකාවේ විදුලි බල ගාස්තු සංශෝධන සෑම අවස්ථාවකදීම, විදුලි ඒකකයක් නිපදවීමට දරන පිරිවැය සම්පූර්ණයෙන්ම අයකර ගැනීමට හැකිවන ගාස්තු ව්‍යුහයක් සහතික විය යුතු බව අවධාරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ සෑම විටම විදුලි ගාස්තු තීරණය කිරීමේදී මෙම මූලධර්මය පදනම් විය යුතු බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම අදහස් දක්වා සිටියේ සියයට 6.8 කින් ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මෑතකදී ප්‍රතික්ෂේප කිරීමට ප්‍රතිචාර දක්වමින්.

එසේම ඔවුන් තවදුරටත් දක්වා සිටියේ, රාජ්‍ය ව්‍යවසායන් තුළ පිරිවැය පියවාගත හැකි ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමෙන් එම ආයතන මුහුණ දෙන මූල්‍ය අවදානම් තත්ත්වයන් වළක්වා ගැනීමට හැකි බවයි.

වාහන අංක තහඩු ගන්න හිටපු අයට නරක ආරංචියක්

වාහන අංක තහඩු ගන්න හිටපු අයට නරක ආරංචියක්

එමෙන්ම ඔවුන් සඳහන් කළේ විදුලි ඒකකයක් නිපදවීමට අදාළ ඉන්ධන ඇතුළු සියලු වියදම් පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමේ ගාස්තු ක්‍රමයක් ස්ථාපිත කිරීම, මෙරටට IMF මඟින් ලබා දී ඇති අරමුදල් වැඩසටහනේ ප්‍රධානතම අංගයක් බවයි.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධන‍ය කරුණු කිහිපයක් මත රඳා පවතින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළා.

ඒ අතර විනිමය අනුපාතයන් සහ පොලී අනුපාත පිළිබඳ පුරෝකථන, වර්ෂාපතන මට්ටම්, ඉන්ධන සහ ගල් අඟුරු වැනි වෙළෙඳ භාණ්ඩවල මිල ගණන් ද ප්‍රධාන වන බව සඳහන්. තවද අරමුදල මඟින් අවධාරණය කළේ ජාත්‍යන්තර බොරතෙල් වෙළඳපොළේ මිල වෙනස්වීම් ද මෙරට විදුලි ගාස්තුවට සෘජුවම බලපාන බවයි.

මේ සඳහා ලංකා විදුලිබල මණ්ඩලය (CEB) මඟින් ඉකුත් අගෝස්තු මස 24 වැනි දින සියයට 6.8 ක විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවක් අනුමත කර ගැනීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුණා.

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ තහනම්

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ තහනම්

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න