ක්‍රිස්ටලිනා අනුරව අගය කරයි - ලංකාවට IMF පැසසුම්

By Shehan Mar 08, 2025 06:02 AM GMT
Report

ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ප්‍රකාශ කරයි.

ජනාධිපති අනුර දිසානායක මහතා සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති වූ හමුව ගැන සිය 'X' ගිණුමේ සටහනක් තබමන් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනලා - සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශයට!

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනලා - සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශයට!

එහි ඇය වැඩිදුරටත් දක්වා ඇත්තේ, ආයෝජන ආකර්ෂණය කරගැනීම හා ජීවන තත්වයන් ඉහළ නැංවීම සඳහා ජනාධිපවරයා සමඟ සාකච්ඡා කළ බවයි.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම යටතේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණවල වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බව ඇය සිය 'X' ගිණුමෙන් දන්වා තිබෙන බව වාර්තා වේ.