IMF එකෙන් PAYE Tax අඩු කරයි. - අඩු අදායම් ලබන අයට වාසිය ලැබෙන්නේ මෙහෙමයි. - බැංකු පොලියෙන් ජීවත් වන අයටත් වාසි. - (VIDEO)

Report

උපයන විට බදු සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ජනතාවට සුබ ආරංචියක්. - ගිණුම් වල පොලී අනුපාතය 5%ක් වැඩි කරයි? - ඇමති බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

ජනතාවට සුබ ආරංචියක්. - ගිණුම් වල පොලී අනුපාතය 5%ක් වැඩි කරයි? - ඇමති බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

"තුන්වෙනි සමාලෝචනය පටන් ගන්නකොට අපේ යෝජනාවන් වුණේ වෘත්තීයවේදීන් මත පනවා තිබූ උපයනවිට ගෙවන බද්ද පිළිබඳව.අපි නැවත සාකච්ඡා ආරම්භ කළා. බද්ද පනවන සීමාව ලක්ෂයකට උඩ. අපි එය 150,000 දක්වා වැඩි කරගන්න සමත් වුණා."

ඒ වගේම 6%ක බද්දකට යටත් වනපරිදි පුද්ගලික ආදායම් බද්දේ 1 වන කාණ්ඩය රු 500,000 සිට රු ලක්ෂ 10 දක්වා සංශෝධනය ලබාගන්න අපි සමත් වුණා.

ඒ අනුව 150,000ක් මාසෙකට වැටුපක් ගන්න කෙනෙකුගේ බදු 100%ක් නිදහස්. රු 200,000ක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 71%කින් නිදහස්.

රු 250,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 61%කින් නිදහස්.

රු 300,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 47%කින් නිදහස්.

රු 350,000ක් වැටුපක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 25.5%කින් නිදහස්

වැඩි ආදායම් ලබාගන්නා අයට අඩු සහනයකුත් අඩු ආදායමක් ගන්නා අයට වැඩි සහනයකුත් ලෙස අපි උපයනවිට ගෙවන බද්ද සංශෝධනය කරගන්න සමත් වුණා."


බැංකු ණය ගත්ත අයට 2025 දෙසැම්බර් 12 මොකද වෙන්නේ? - පරටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම ජනපති හෙළි කරයි. - (VIDEO)

බැංකු ණය ගත්ත අයට 2025 දෙසැම්බර් 12 මොකද වෙන්නේ? - පරටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම ජනපති හෙළි කරයි. - (VIDEO)