ශ්‍රී ලංකාව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා – IMF ප්‍රධානි එවන් පැපජෝර්ජියෝ ගෙන් හෙළිදරව්වක්

Report

වසර හතරකට පෙර දරුණු මූල්‍ය අර්බුදයෙන් පෙළුණු ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී ඇති ඇමෙරිකා ඩොලර් බිලියන 2.9 ක මූල්‍ය සහාය යටතේ, ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින බව එම අරමුදල සදහන් කර තිබේ.

  ශ්‍රී ලංකා මහා බැංකු පරිශ්‍රයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එම අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානි එවන් පැපජෝර්ජියෝ මේ බව සදහන් කර තිබේ

WhatsApp Usernames නිසා රහස්‍යතාව නැති වෙයිද? WhatsApp දුන් නිල පිළිතුර මෙන්න

WhatsApp Usernames නිසා රහස්‍යතාව නැති වෙයිද? WhatsApp දුන් නිල පිළිතුර මෙන්න

එතුමා තව දුරටත් සදහන් කර ඇත්තේ මෙවන් අදහසක්  

“මැද පෙරදිග අර්බුදය යම් ප්‍රමාණයකින් සමනය වී තිබුණද, ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් බාහිර ආර්ථික කම්පනවලට ගොදුරු විය හැකි අවදානම් තත්ත්වයක පවතිනවා. එමෙන්ම රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද මම අවධාරණය කරනවා. ඉන්ධන ආනයනය කරන ශ්‍රී ලංකාව, බලශක්ති මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඉන්ධන බෙදාහැරීම සීමා කළ අතර, ඉන්ධන මිල විශාල ලෙස ඉහළ නැංවීමටත්, මාර්තු මස මුල සිට බදාදා දිනය රාජ්‍ය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් පියවර ගත්තා. බලශක්ති මිල ගණන් මේ වන විට පහළ ගොස් තිබුණද, රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතුයි. විදේශ විනිමය සංචිත නැවත ශක්තිමත් කිරීම සහ අඩු ආදායම්ලාභී පවුල් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යයි. ජාත්‍යන්තර ආර්ථික අවිනිශ්චිතතාවය ඉහළ ගොස් ඇති පසුබිමක මිල ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය විචක්ෂණශීලී, නම්‍යශීලී සහ දත්ත මත පදනම් වූ එකක් විය යුතුයි. එමෙන්ම ගෙවුම් ශේෂයට පනවා ඇති සීමා ක්‍රමානුකූලව ඉවත් කළ යුතුයි. ඉරානයට එරෙහි එක්සත් ජනපද–ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් ඇති වූ බලශක්ති කම්පනය නිසා උද්ධමනය සහ රුපියලේ අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැයි මාසයේදී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 100කින් ඉහළ දමා සියයට 8.75 දක්වා වැඩි කළා. මෙය වසර තුනක කාලය තුළ සිදු කළ විශාලතම පොලී අනුපාත ඉහළ දැමීමයි.ජූනි මාසයේ උද්ධමනය සියයට 6.8 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉදිරි මාස තුන හතර තුළද එය ශ්‍රී ලංකා මහ බැංකුවේ සියයට 5ක ඉලක්කයට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා. ආර්ථික ප්‍රකෘතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, බලශක්ති මිල ගණන් පිළිබඳ විනිවිදභාවය පවත්වාගෙන යාම සහ රාජ්‍ය ණය කළමනාකරණය තවදුරටත් ශක්තිමත් කිරීම අවශ්‍යයි. එමෙන්ම IMF වැඩසටහනේ හත්වැනි සමාලෝචනය මෙම වසරේ ආරම්භ වීමට නියමිතයි.”

ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටියත් උස්සයි - නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්

ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටියත් උස්සයි - නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්