නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් කුරුල්ලන් සහ උරගයින් ජාවාරමේ නිරත වුවන් ඇල්ලූ විශේෂ මෙහෙයුම..

Report

පක්ෂීන් සහ උරග විශේෂ නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ සැකකරුවන් පස් දෙනෙකු නාවික හමුදාව හට අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ .

බහුදින ධීවර යාත්‍රාවක් උපයෝගී කරගනිමින් මොවුන් මෙම ජාවාරම සිදුකර ඇති අතර එම යාත්‍රාව ද නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ .

දුර්ලභ රයිනෝ සතුන් 6කට මරණය ගෙනා වසර හතකට පසු ආ දරුණුම ගංවතුර..

දුර්ලභ රයිනෝ සතුන් 6කට මරණය ගෙනා වසර හතකට පසු ආ දරුණුම ගංවතුර..

පක්ෂීන් සහ උරග විශේෂ ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි අංශය දීර්ඝ කාලයක සිට සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස සුරක්ෂා නෞකාව යොදවා සිදුකළ විශේෂ මෙහෙයුමකදී දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ මෙම බහුදින ධීවර යාත්‍රාව පරීක්ෂාවට ලක් කර තිබේ.

එහිදී එම බහුදින යාත්‍රාව තුළ තිබී දුර්ලභ ඝණයේ පිඹුරන් 13 දෙනෙක්, ගිරවුන්, ඉබ්බන්, තලගොයි ඇතුළු පක්ෂීන් සහ උරගයින් සොයාගෙන ඇති බව සඳහන්ය.

රස්සාවක් ගන්න හිතාගෙන ඔබත් මෙවැනි දේවල් කලාද?..

රස්සාවක් ගන්න හිතාගෙන ඔබත් මෙවැනි දේවල් කලාද?..

මෙහිදි සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මීගමුව සහ කොච්චිකඩේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව නාවික හමුදාව සඳහන් කළේය.

අදාළ යාත්‍රාව මීගමුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් මෙම ජාවාරමේ නිරත වන බව ද නාවික හමුදාව සිදුකළ විමර්ශනයේ දී තොරතුරු අනාවරණය වී තිබේ.

නාදුනන කාන්තා මළසිරුරක් වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගනී..

නාදුනන කාන්තා මළසිරුරක් වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගනී..

සොයාගත් පක්ෂීන් සහ උරගයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා හික්කඩුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ධීවරයින් පස්දෙනා සහ යාත්‍රාව ද වැඩිදුර විමර්ශන සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.