නාදුනන කාන්තා මළසිරුරක් වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගනී..

By Piyumika Jul 09, 2024 05:13 AM GMT
Report

නාඳුනන කාන්තා මළ සිරුරක් කලවංචිකුඩි, කුරුක්කල්මඩම් ප්‍රදේශයේ මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගෙන තිබේ .

ඊයේ (08) උදෑසන කලවංචිකුඩි පොලීසියට ලද තොරුතුරකට අනුව එම සිරුර සොයාගෙන ඇත.

අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියේ කරුණු රැසක් එළියට ..

අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියේ කරුණු රැසක් එළියට ..

මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන උස අඩි 05යි අඟල් 04ක් පමණ වන කාන්තාවක් බව පොලීසිය සඳහන් කරයි.

මළ සිරුර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කලවංචිකුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .