දුර්ලභ රයිනෝ සතුන් 6කට මරණය ගෙනා වසර හතකට පසු ආ දරුණුම ගංවතුර..
India
World
Latest Headlines
By Piyumika
ඊසාන දින ඉන්දියාවේ ජාතික වනෝද්‍යානයක ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දුර්ලභ ගණයේ රයිනෝසිරස් සතුන් 6 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
ඇසෑම් ප්‍රාන්තයේ කසිරංග ජාතික වනෝද්‍යානයේ මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ගංවතුර හේතුවෙන් වනෝද්‍යානයේ සතුන් 130කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
2017 වර්ෂයෙන් පසු ඇසෑම් ප්‍රාන්තයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය බව වාර්තා වේ.
එම වසරේ ද අදාළ වනෝද්‍යානයේ සතුන් 350කට වැඩි සංඛ්‍යාවක් ගංවතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණි.
