නීතී විරෝධී වියළි කහ තොගයක් නාවික හමුදාව භාරයට..

By Piyumika Sep 11, 2024 02:45 AM GMT
Report

නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ තොගයක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

බුද්ධි අංශ වාර්තා තිබුනත් සාක්ෂි නොමැතිව පුද්ගලයන් රිමාන්ඩ් කරන්න බෑ...

බුද්ධි අංශ වාර්තා තිබුනත් සාක්ෂි නොමැතිව පුද්ගලයන් රිමාන්ඩ් කරන්න බෑ...

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ ඊයේ (10) දින පුත්තලම සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී මෙම කහ තොගය හමුව ඇති බවයි.

එම වියළි කහ තොග කිලෝග්‍රෑම් හාරසිය හැත්තෑවක (470) තෙත බර සහිත බව නාවික හමුදා මාධ්‍ය අංශය පැවසීය.

රජ පවුලෙන් ඇහෙන අලුත්ම ආරංචිය ..

රජ පවුලෙන් ඇහෙන අලුත්ම ආරංචිය ..

පුත්තලම සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ ළඳු කැළෑවක සඟවා තිබූ උර දහ හතරක (14) තිබි මෙම වියළි කහ තොගය හමු විය.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් වියළි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ තබා ගන්නා බව නාවික හමුදා මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියේය.