බුද්ධි අංශ වාර්තා තිබුනත් සාක්ෂි නොමැතිව පුද්ගලයන් රිමාන්ඩ් කරන්න බෑ...

By Piyumika Sep 11, 2024 01:25 AM GMT
Report

බුද්ධි අංශ වාර්තා මත පුද්ගලයන් රිමාන්ඩ් භාරයට පත්කිරීමට අධිකරණයට නොහැකි බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ ඊයේ (10 වැනිදා) අවධාරණය කළේය.

ළමුන් දෙදෙනෙකු පිළිබද වාර්තා වූ අභිරහස් ඛේදවාචකයක් ..

ළමුන් දෙදෙනෙකු පිළිබද වාර්තා වූ අභිරහස් ඛේදවාචකයක් ..

‘‘යම් සිද්ධියකට අදාළව බුද්ධි අංශ වාර්තා ඕනෑතරම් තියෙන්න පුළුවන්. බුද්ධි අංශ වාර්තා මත සාක්ෂි නොමැති පුද්ගලයන් රිමාන්ඩ් භාරයට පත්කිරීමට අධිකරණයට හැකියාවක් නැහැ’’ යැයි ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

ගැඹුරු මුහුදු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව සඳහන් කරමින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින සැකකරුවන් 12 දෙනකුට එරෙහි නඩුවක් ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ සිදුවීම අමතක වෙන්නත් කලින් බැලුම්මහර ප්‍රදේශයෙන් ඇහෙන කතාව..

ඉන්දියාවේ සිදුවීම අමතක වෙන්නත් කලින් බැලුම්මහර ප්‍රදේශයෙන් ඇහෙන කතාව..

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අදාළ සැකකරුවන්ට එරෙහිව නඩුව ඉදිරිපත් කර තිබූ අතර, එම නඩුවට අදාළ සැකකරුවන් බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.

එම නඩුවේ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අනෙකුත් සැකකරුවන්ගේ ප්‍රකාශ මත බව සඳහන් කළ සැකකරුවන්ගේ පාර්ශ්වයේ නීතිඥවරුන් අදාළ සැකකරුවන්ට එරෙහිව සාක්ෂි නොමැති හෙයින් ඔවුන් ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරණය නිසා සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක්..

ජනාධිපතිවරණය නිසා සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක්..

එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් දන්වා සිටියේ රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් බුද්ධි තොරතුරු ඔස්සේ විමර්ශනය කර ගැඹුරු මුහුදේ බෝට්ටුවක ගමන් කළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් තිබෙන සාක්ෂි සම්පිණ්ඩන වාර්තා ඉදිරිපත් කරන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් මෙම මස 24 වැනි දින තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළේය.