රජ පවුලෙන් ඇහෙන අලුත්ම ආරංචිය ..

Cancer Royal Family World
By Piyumika Sep 11, 2024 01:38 AM GMT
Piyumika

Piyumika

Report

පිළිකා රෝගය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කළ කිමෝතෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කළ බවත් ඉදිරි මාසවලදී නැවතත් රාජකීය වැඩකටයුතු සඳහා සීමා සහිතව සහභාගීවීමට බලාපොරොත්තුවන බවත් බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ස්ටන් කුමරිය ඊයේ(09) වීඩියෝ පණිවුඩයක් තබමින් ප්‍රකාශ කළාය.

ඔයාගේ වාහනෙත් මේවා තියනවද බලන්න එහෙනම් දැන්ම ඉවත් කරන්න..

ඔයාගේ වාහනෙත් මේවා තියනවද බලන්න එහෙනම් දැන්ම ඉවත් කරන්න..

තමන් පිළිකා රෝගයෙන් සම්පූර්ණ සුවය ලැබූ බවත් මින් ඉදිරියට නිරෝගීව සිටීමට අවධානය යොමුකරන බවත් ඇය සඳහන් කළාය.

බ්‍රිතාන්‍ය අනාගත රැජිනිය වන 42 හැවිරිදි කේට් මිල්ටන් කුමරිය වීඩියෝ පණිවුඩයක් තැබූ දෙවන අවස්ථාව මෙය වන අතර තමාට පිළිකා රෝගය වැළඳී ඇති බවට වෛද්‍යවරුන් සොයා ගත් බව පළමු වරට පසුගිය මාර්තු මාසයේදී වීඩියෝ පණිවුඩයක් තබමින් පැවැසුවාය.

පුතාගේ ත්‍රිරෝද රථයෙන් එන දුර්ගන්ධය බලන්න ගිය මවට දකින්න ලැබුණු දේ ..(PHOTO)

පුතාගේ ත්‍රිරෝද රථයෙන් එන දුර්ගන්ධය බලන්න ගිය මවට දකින්න ලැබුණු දේ ..(PHOTO)

ගිම්හාන කාලය අවසාන වීමත් සමඟ කිමෝතෙරපි ප්‍රතිකාරය අවසන් කිරීමට හැකිවීමෙන් ලද සැහැල්ලුව වචනයෙන් කීමට නොහැකි බවත් පසුගිය මාස 9 ක කාලය සිය පවුලට ඉතාමත් අසීරු කාලයක් වූ බවත් කේට් කුමරිය ප්‍රකාශ කළාය.

ජීවිතය ක්ෂණයකින් වෙනස් විය හැකි බවත් එවන් අවස්ථාවකදී නොදන්නා මාවත්වල කුණාටුවලට මුහුණ දෙමින් ගමන් කිරීම සඳහා ක්‍රමයක් සොයාගත යුතු බවත් කේට් කුමරිය පැවැසුවාය.

සනත් ජයසූරිය ගැන ඇහෙන අලුත්ම කතාව..

සනත් ජයසූරිය ගැන ඇහෙන අලුත්ම කතාව..

පිළිකා ගමන සෑම කෙනෙකුටම සංකීර්ණ, බියජනක සහ අනපේක්ෂිත එකක් බවද ඇය ප්‍රකාශ කළාය.