මැච් කලබල අස්සේ, හැමෝම දන්න පිතිකරුවෙක්ට අවු.05ක ක්‍රිකට් තහනමක් දීලා මෙන්න.. (PHOTOS)

Cricket Afghanistan Afghanistan Cricket Team Latest Headlines
By krishani Aug 07, 2024 11:43 AM GMT
krishani

krishani

Report

ලෝකයක් හඳුනන ප්‍රමුඛ පෙළ පිතිකරුවෙකු වන ඇෆ්ගනිස්තානයේ Ihsanullah Janat හට වසර පහක තරග තහනම් සිදු කර තිබෙනවා.

මැච් කලබල අස්සේ, හැමෝම දන්න පිතිකරුවෙක්ට අවු.05ක ක්‍රිකට් තහනමක් දීලා මෙන්න.. (PHOTOS) | Ihsanullah Janat Banned Cricket For Five Years

ඒ කාබුල් ප්‍රිමියර් ලීග් (KPL) 2 වන අදියරයේ දී ACB සහ ICC දූෂණ විරෝධී සංග්‍රහයන් උල්ලංඝණය කිරීම හේතුවෙන් ය.

ජය පතාගෙන සිංහයින් පිටියට.. අවු. 27කට පස්සේ අද වෙන්න යන දෙය මෙන්න.. (PHOTOS)

ජය පතාගෙන සිංහයින් පිටියට.. අවු. 27කට පස්සේ අද වෙන්න යන දෙය මෙන්න.. (PHOTOS)


ඔහු වැරදිකරු වී ඇත්තේ ICC දූෂණ විරෝධී සංග්‍රහයේ 2.1.1 වගන්තිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ය.

එයට අනිසි බලපෑම් හෝ තරඟයක ප්‍රතිඵලය, ප්‍රගතිය, හැසිරීම හෝ වෙනත් ඕනෑම අංගයක් නිවැරදි කිරීමට උත්සාහ කිරීම ඇතුළත් වේ.

මැච් කලබල අස්සේ, හැමෝම දන්න පිතිකරුවෙක්ට අවු.05ක ක්‍රිකට් තහනමක් දීලා මෙන්න.. (PHOTOS) | Ihsanullah Janat Banned Cricket For Five Years

මෙම උල්ලංඝණය කිරීම හේතුවෙන් ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම්වලින් වසර පහක තහනමක් පනවා තිබෙනවා.

Ihsanullah Janat එම චෝදනා පිළිගෙන ඇති අතර ඔහු දූෂිත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට ද පාපොච්චාරණය කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම, තරඟ පාවාදීම්වලට සම්බන්ධ බවට තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ද සැකපිට සිටින බව ACB දූෂණ මර්දන ඒකකය (ACU) අනාවරණය කරගෙන ඇත.

මැච් කලබල අස්සේ, හැමෝම දන්න පිතිකරුවෙක්ට අවු.05ක ක්‍රිකට් තහනමක් දීලා මෙන්න.. (PHOTOS) | Ihsanullah Janat Banned Cricket For Five Years

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවට වාර්තා වේ.

මැච් එක ලේසි වෙන එකක් නෑ.. ඒත් එක්කම තරඟ තීරක රන්ජන් මඩුගල්ල ගැන ඇහෙන පුදුම හිතෙන කාරණාවක් මෙන්න.. (PHOTOS)

මැච් එක ලේසි වෙන එකක් නෑ.. ඒත් එක්කම තරඟ තීරක රන්ජන් මඩුගල්ල ගැන ඇහෙන පුදුම හිතෙන කාරණාවක් මෙන්න.. (PHOTOS)


කෙසේ වෙතත්, ඔවුන්ගේ වරද තහවුරු කිරීමෙන් පසු ඔවුන් සම්බන්ධව ද තීරණ ගනු ඇති බව වාර්තා වේ.