විපක්ෂය විශ්වාස කළොත් ලංකාව තවත් ග්‍රීසියක් වෙයි...
By Parami Dissanayake
අද (25) දිනයේ දී එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ, ජනතාව විපක්ෂයේ ප්‍රකාශ විශ්වාස කළහොත් ශ්‍රී ලංකාවට ද ග්‍රීසියට අත්වූ ආකාරයේ ඉරණමක් අත්විය හැකි බව ය.
අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය පැවැත්වුණේ පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.
ඊට සමගාමීව පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කෙරුණු පක්ෂ මූලස්ථානය පාක්ෂිකයින් සතු කිරීම සහ ඩිජිටල් පක්ෂ යාන්ත්‍රණය එළිදැක්වීම ජනපතිවරයා විසින් පළමුව සිදුකරනු ලැබීය.