ඉන්දීය නාවික යුධ නෞකාව හෙට දිවයිනට...

Report

හෙට (26) ඉන්දීය නාවික හමුදාවේ ඉදිරිපෙළ යුධ නෞකාව වන INS මුම්බායි, කොළඹ වරායට පැමිණීමට නියමිත ය.

ඒ තෙදින සංචාරයක් සඳහා බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් චාරිත්‍රානුකූලව පිළිගැනීමට නියමිත බව ද වාර්තා වේ.

යේමන මුහුදේ යාත්‍රාවක් අනතුරට ලක් වී 13ක් ජිවිතක්ෂයට...

යේමන මුහුදේ යාත්‍රාවක් අනතුරට ලක් වී 13ක් ජිවිතක්ෂයට...

INS මුම්බායි යනු ඉන්දීය නාවික හමුදාව සතුව පවතින විනාශකාරී යාත්‍රා අතරින් තෙවැන්න ලෙස සැලකෙන අතර එය එරටදී නිෂ්පාදනය කර 2001 වසරේ දී නාවික හමුදාව සඳහා එක් කර ඇති අතර එම නෞකාව මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙය වන බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කරයි.

සජිත් නගර සභාවේ කුණු ලොරියක් බව අනුර කියයි...

සජිත් නගර සභාවේ කුණු ලොරියක් බව අනුර කියයි...

INS මුම්බායි නෞකාව විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන ඩෝනියර් සමුද්‍ර මුර සංචාර ගුවන් යානා සඳහා අත්‍යාවශ්‍ය අමතර කොටස් රැගෙන එනු ඇත.

මීට අමතරව, නෞකාවේ කාර්ය මණ්ඩලය මෙරට නාවික හමුදා සාමාජිකයින් සමග පුහුණු සැසි කිහිපයකට සහභාගී වීමට ද නියමිත ය. ඉන් අනතුරුව INS මුම්බායි නෞකාව ලබන 29 වනදා මෙරටින් පිටත්ව යාමට නියමිතය.