අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Report

ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 08කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 44,000ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාට ලැබුණු විශ්වාසනීය තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පති සහ දෙමව්පියන් අතර දරුණු ගැටුමක් - විදුහල්පති ඇතුළු තිදෙනෙක් රෝහලේ

ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පති සහ දෙමව්පියන් අතර දරුණු ගැටුමක් - විදුහල්පති ඇතුළු තිදෙනෙක් රෝහලේ

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන, දැනට විදේශගතව සිටින සුධාරක දේවප්‍රිය පීරිස් නමැත්තා මෙම සැකකරුගේ මස්සිනා බව අනාවරණය වී ඇත.

එම පුද්ගලයා සතු මත්ද්‍රව්‍ය මෙරට තුළ බෙදාහැරීමේ කටයුතු මෙම සැකකරු විසින් සිදුකර ඇති බවටද වැඩිදුර අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි

“පාතාලේ සෙට් එකේ දේශපාලකයින් 12ක් ” - මෙන්න අලුත්ම හෙළිදරව්වක්

“පාතාලේ සෙට් එකේ දේශපාලකයින් 12ක් ” - මෙන්න අලුත්ම හෙළිදරව්වක්