ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් අත්අඩංගුවට වරෙන්තු - වරෙන්තු ඉවත් කරන්නැයි ඉල්ලීම්

Benjamin Netanyahu Israel Israel-Hamas War Latest Headlines Sinhala news
By Ashfa Jul 17, 2025 01:35 PM GMT
Ashfa

Ashfa

Report

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, එරට හිටපු ආරක්ෂක අමාත්‍යවරයා සහ හමාස් සංවිධානයේ අණදෙන නිළධාරියා වහා අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණි.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පැවති යුද්ධයේ දී සිදු වූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, ඊශ්‍රායලයේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම හමාස් සංවිධානයේ අණදෙන නිළධාරියා ද වගකිව යුතු බව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තීන්දුව වී තිබේ.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ මෙම තීන්දුව බලාත්මක වන්නේ එහා සාමාජික රටවල් 124 මෙම තීන්දුව බලාත්මක කිරීමට එකග වන්නේ ද නැද්ද යන්න මත බව පැවසේ.

චෙම්මනි සමුහ මිනීවලට සාධාරණය ඉල්ලා කොළඹ දැවැන්ත විරෝධතාවයක්

චෙම්මනි සමුහ මිනීවලට සාධාරණය ඉල්ලා කොළඹ දැවැන්ත විරෝධතාවයක්

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටවල් 124 ට ඊශ්‍රායලයේ ප්‍රධානතම මිතුරා වන එක්සත් ජනපදය අයත් නොවේ. මේ වන විටත්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තීන්දුව පිළි නොගන්නා බව එක්සත් ජනපදය නිවේදනය කර තිබෙන බව වාර්තා වේ.

තවත් ප්‍රබල අමාත්‍යවරයෙක් අත්අඩංගුවට

තවත් ප්‍රබල අමාත්‍යවරයෙක් අත්අඩංගුවට

නමුත්, යුරෝපා සංගමය, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කළ යුතු යැයි නිවේදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙහි වර්තමාන තත්ත්වය ලෙස, අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හිටපු ආරක්ෂක අමාත්‍ය යෝෆ් ගැලන්ට්රි එරෙහිව නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ නිවේදන දෙක අවලංගු කරන ලෙස ඊශ්‍රායල කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිවේදනය කළේය

ReeCha