තත්වය දරුණු වෙනවා නම් .. පාලනයට හිසට එක එල්ලේ වෙඩි තැබීමට උපදෙස්..

Report

අප්‍රිකානු සූකර උණ රෝගය (African Swine Fever) පැතිර යාම වළක්වා ගැනීම සඳහා ආසාදිත සතුන් මානුෂික ආකාරයෙන් (වේදනා රහිතව) විනාශ කිරීම සඳහා ප්‍රබල විද්‍යුත් කම්පනයක් හෝ එක එල්ලේ හිසට වෙඩි තබන ලෙසට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඌරු ගොවිපොළ හිමියන්ට උපදේශන මාලාවක් ලබාදීමට නියමිතය.

ස්ටෝක්ස්ගේ නිවසට හොරු පැනලා..හොරකම් කරලා තියන දේ බලන්නකෝ..

ස්ටෝක්ස්ගේ නිවසට හොරු පැනලා..හොරකම් කරලා තියන දේ බලන්නකෝ..

ඊට අදාළ උපදෙස් පත්‍රිකාව සෑම ඌරු ගොවිපොළකටම ලබාදීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර ඇත.

මෙම රෝගය කිනිතුල්ලන් මගින්ද ඌරන් අතර බෝවන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි. අප්‍රිකානු සූකර උණ රෝගය සඳහා ලෝකයේ මෙතෙක් එන්නතක් හෝ ඖෂධයක් සොයාගෙන නොමැති බැවින්, එය මෙරට ගොවිපොළවල් තුළ ශීඝ්‍රයෙන් පැතිර යාම වළක්වා ගැනීම සඳහා මෙරටදී පියවර රැසක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බුදු අම්මෝ නිවසක මිදුලක මෙච්චර වටිනා දෙයක් තියෙයි කියල හිතන්න පුලුවන්ද..(PHOTOS)

බුදු අම්මෝ නිවසක මිදුලක මෙච්චර වටිනා දෙයක් තියෙයි කියල හිතන්න පුලුවන්ද..(PHOTOS)

රෝගය රට තුළ පැතිර යන අවස්ථාවේ එම රෝගයෙන් ගොවිපොළ ආරක්ෂා කර ගැනීමට ජෛව ආරක්ෂණ ක්‍රම තර කිරීමටත්, අසාදිත බවට සැක කළ හැකි ද්‍රව්‍ය ගොවිපොළ තුළට ඇතුළු කිරීම වැළැක්වීමටත්, ඉවතලන ඉඳුල් සතුන්ට ලබාදීම වැළැක්වීමටත් අදාළව එම දෙපාර්තමේන්තුව උපදෙස් නිකුත් කර තිබේ.

එමෙන්ම ආසාදිත ප්‍රදේශවලින් සතුන් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පියවර ගෙන ඇති අතර, ගොවිපොළවලට ඇතුල්වන වාහන සහ මිනිසුන් විෂබීජහරණයට ලක්කිරීමටද සැලසුම් කර තිබේ. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අසාදිත සතුන් සහිත ගොවිපොළ නිරෝධායනයට ලක්කර එම සතුන් හුදෙකලා කෙරේ.

මත්පැන් බෝතල්වල අලවන ස්ටිකර් නිෂ්පාදනය කරන සමාගම ගැන විශ්වාසයක් නෑ..

මත්පැන් බෝතල්වල අලවන ස්ටිකර් නිෂ්පාදනය කරන සමාගම ගැන විශ්වාසයක් නෑ..

අසාදිත සතුන් හැකි ඉක්මනින් ගොවිපොළ පරිශ්‍රයෙන් ඉවත් කිරීමට නියමිත අතර, ජලාශ්‍රිත ස්ථානවල හෝ ජල මූලාශ්‍ර ආසන්නයේ මළ සතුන් වැළලීමද නොකළ යුතුය. අසාදිත සතුන් මානුෂීය ආකාරයෙන් විනාශ කිරීමෙන් පසුව, එම සතුන්ගේ සිරුරු හා අනෙකුත් සියලුම ආසාදිත ද්‍රව්‍ය පූර්ණ දහනයකට හෝ ගැඹුරු වළකට දමා වැසිය යුතුය.

අදාළ වළ අළු හුනු ස්ථරයකින් ආවරණය කිරීමද අනිවාර්ය වේ. ආසාදිතව මියගිය සතුන් ප්‍රවාහනය කිරීමේදී මුද්‍රා තැබිය යුතුය. එමෙන්ම මියගිය සතුන්ගේ සියලු කොටස් අළුවන තෙක් දහනය කළයුතු අතර, ඉතිරිවන අළු සියල්ල වළ දැමිය යුතුය.