ඊශ්‍රායලය සීමාව පනී - භයානක යුධ අපරාධයක් හෙළිවෙයි - ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනයට

Report

ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයේ නේවාසික ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරීමට සුදු පොස්පරස් භාවිතා කළ බවට සාක්ෂි හියුමන් රයිට්ස් වොච් (HRW) විසින් සොයාගෙන ඇත.

නමුත් පහර දීම් සදහා සුදු පොස්පරස් භාවිතා කිරීම සපුරා තහනම් කර ඇත්තේ එය මනුෂ්‍ය ශරීරයට සිදු කළ හැකි භයානක අතුරු ප්‍රතිපල පදනම් කරගෙනය.

යුද්දෙන් ලංකාවත් බැටකයි - මෙහෙම ගියොත් ලංකාවත් ලෝක අමාරුවක

යුද්දෙන් ලංකාවත් බැටකයි - මෙහෙම ගියොත් ලංකාවත් ලෝක අමාරුවක

සුදු පොස්පරස් යොදාගෙන පහරදීම ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමක් බව හියුමන් රයිට්ස් වොච් (HRW) පවසයි. අද(09) නිකුත් කරන ලද නවතම වාර්තාවක, නිව්යෝර්ක් පදනම් කරගත් හියුමන් රයිට්ස් වොච් කණ්ඩායම පැවසුවේ දකුණු ලෙබනනයේ යොමෝර් හි නේවාසික ප්‍රදේශයකට සුදු පොස්පරස් අඩංගු මිසයිල ප්‍රහාර එල්ල කර ඇති ආකාරය පෙන්වන ඡායාරූප හතක සත්‍යතාව තහවුරු කළ බවයි.

මාර්තු 3 වන දින එල්ල වී ඇති මෙම මිසයිල ප්‍රහාරවලින් එහි අවම වශයෙන් නිවාස දෙකක ගින්නක් ඇති වූ බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කර ඇත.

යුද්ධයේ උණුසුම බංගලාදේශයටත් - විශ්වවිද්‍යාල වසා දැමීමට තීරණයක්

යුද්ධයේ උණුසුම බංගලාදේශයටත් - විශ්වවිද්‍යාල වසා දැමීමට තීරණයක්

ඉරාන මහජනතාව සූදානම් - තම මව්බිම ආරක්ෂා කර ගැනීමට පෙරට

ඉරාන මහජනතාව සූදානම් - තම මව්බිම ආරක්ෂා කර ගැනීමට පෙරට