අලුත් අවුරුද්දේ අලුත් දේවල් කරලා බලන්න... ඔබේ නිවසටත් සිරිකත කැන්දන්න...

Google Astrology Google Alerts Latest Headlines Sinhala news
By Akash Apr 14, 2025 02:40 PM GMT
Akash

Akash

Report

අවුරුද්දේදී මූලිකත්වය හිමිවෙන තවත් ප්‍රධාන තැනක් තමයි ඔබේ නිවස.. පවුලේ සියලුදෙනා නිදහස්ව සහ සතුටෙන් කාලය ගත කරන්නේ නිවසේ වාස්තු විද්‍යාව ගැන ඔබත් සැලකිලිමත් වෙනවා ඇති.

ඔබත් ඒ ගැන උනන්දු වෙන කෙනෙක් නම් මේ ලිපිය අනිවාර්‍යෙන්ම කියවලා බලන්නකෝ.. වාස්තු සිද්ධාන්ත කෙතෙක් සක්‍රීයව පැවතියත් ඒවා පිළිවෙත් බවට දෛනිකව පවත්වා ගැනීම පහසු කාරණයක් නෙවෙයි..

2025 ගොඩම යන්නේ තරාදි කාරයෝ... මිල මුදල් අඩුවක්ම නැති වසරක්

2025 ගොඩම යන්නේ තරාදි කාරයෝ... මිල මුදල් අඩුවක්ම නැති වසරක්

එයට හේතුව වන්නේ අපගේ ජීවිතවල ඊට වඩා ප්‍රමුඛත්වය දක්වන දේ එමට තිබීම වෙන්නපුළුවන්.. එබැවින් විශේෂ නිමිත්තකට අනුව වාස්තු පිළිවෙත් ආරම්භ කිරීම අප විසින් අප කෙරෙහි උපායශීලීවීමක් ලෙස වටහා ගැනීම වැදගත් වෙනවා.

මේ සමයේ අපට හමුවන මෙවැනි සුවිශේෂ නිමිත්තක් හෙට අනිද්දා උදාවෙයි. එය නම් සිංහල අලත් අවුරුද්දයි.. සිංහල අලුත් අවුරුද්දේදී ඈත පිටිසර ගැමි ගෙදර සිට නාගරික මහල් නිවාස දක්වා අලුත් හැඟීමකින් යුතුව ක්‍රියාකාරී වෙනවා.

යුරේනිගේ අමුතු එක...බුකියම කැළඹෙයි (PHOTOS)

යුරේනිගේ අමුතු එක...බුකියම කැළඹෙයි (PHOTOS)

ඒ අවස්ථාව වාස්තු පිළිවෙතකට අලුත් ප්‍රවේශයක් සලසා ගැනීමට අතිශයින් ගැළපෙන බව අපගේ අවබෝධයයි.. ඒ සඳහා වාස්තු ශාස්ත්‍රයේ එන මූලික සිද්ධාන්තත් සිංහල අලුත් අවුරුද්දේ එන සංස්කෘතිකාංගත් තුලනය කර ගැනීම වැදගත්.

එහිදී කිසියම් න්‍යාය විරෝධී කටයුත්තක් පැවතී ඇත්නම් ඒවා ඉවත් කිරීම හෝ යම් සුදුසු වෙනසක් සහිතව භාවිතයට ගැනීම හෝ කළයුතු වෙනවා.

සිංහල අලුත් අවුරුද්දට ඉතාම වැදගත්වන ගෘහ අංගය වන්නේ මුළුතැන්ගෙයයි.. මුළුතැන්ගෙය නිවෙසක වාස්තු සඳහාද වෙසෙසින් බලපායි.

මත්ද්‍රව්‍ය සමඟ කටුනායකදී තිදෙනෙකු අත්අඩංගුවට (PHOTOS)

මත්ද්‍රව්‍ය සමඟ කටුනායකදී තිදෙනෙකු අත්අඩංගුවට (PHOTOS)

එවැන්නේ නිවැරැදි දිශාවේ එනම් ගිනිකොන දිශාවේ හෝ (විකල්ප වශයෙන්) වයඹ දිශාවේ ළිප වැනි තාපය උපදවන ස්ථාන පිහිටුවීම කළ යුතු වෙනවා.

එසේම ළිපට හැකිතෙක් දුරින් සේදුම් බේසම හෙවත් සින්ක් එක පිහිටුවීම කළ යුතුයි.. එය වැරැදි ලෙස දිශාගත කොට ඇත්නම් ඒවායේ බලපෑම අවම වන පරිදි වාතාශ්‍රය වැඩි කිරීමත් පවිත්‍රව පවත්වාගෙන යෑමත් අත්‍යවශ්‍යයි.

එයට අමතරව පිරමිඩ වැනි නව යෙදුම් භාවිතයෙන්ද ඒ අයහපත් පිහිටීම වළක්වා ගත හැකි බැවින් අවුරුද්දට පෙර නිවාස කඩා බිඳ දමා අලුත් කිරීමෙන් අනවශ්‍ය ආර්ථික අපහසුතාවලට පත් නොවීම ද වැදගත් වෙනවා.

අද සවස් කාලයේදී ප්‍රදේශ රැසකට වැසි

අද සවස් කාලයේදී ප්‍රදේශ රැසකට වැසි

ළිඳ හෝ වෙනත් ජල මූලාශ්‍ර පිළිබඳව අපගේ සැලකිල්ලද විශේෂයෙන් යොමුවිය යුතුයි.. අන්තරීක්ෂ ශක්තියේ පෙත හෙවත් මාර්ගය වෙනස් කරවන දෙයක් ලෙස ආපෝ ධාතුව නියෝජනය කරන ජලය අතිශයින් වැදගත් වෙනවා.

එහිදී නිරිත වැනි දිශාවකට ජල මූලාශ්‍රයක් නොයෙදීම කළ යුතු වෙනවා… එසේ හානිකර ලෙස ළිඳ පිහිටා ඇත්තේ නම් නිවෙසත් ළිඳත් අතර උසට වැඩී යන උණ පඳුරු පෙළක් පිහිටුවීම උචිත වෙනවා.

එවිට ළිඳට ඇදී යන අන්තරීක්ෂ ශක්තිය උණ පඳුර හරහා නිරිත කොටසේ භූගත වන බැවින් නිවෙසේ අභ්‍යන්තර අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව (Cosmic Energy Intensity) බලවත් වී නිවෙසේ සක්‍රියතාව වැඩිදියුණු වෙනවා.

නිවෙසේ ගෘහ භාණ්ඩ සෝදා, පිසදමා, පිරිසුදු කොට ඔප්ගන්වා තැබීම සිංහල අවුරුදු සමයේ දී සිදු කෙරෙනවා… එවැනි අවස්ථාවකදී සේදීමට හැකි ගෘහ භාණ්ඩ අවසානයේ ලුණු වතුරෙන් දෝවනය කිරීම අතිශය ප්‍රතිඵලදායක වෙනවා.

එමෙන්ම සති දෙකකට වරක්වත් නිවෙසේ පොළොව පිරිසුදු කර අවසානයේ ලුණු වතුරෙන් දෝවනය කිරීම අතිශය ප්‍රතිඵලදායක වෙනවා.

එතැනින් අරඹා මසකට වරක්වත් නිවසේ පොළොව පිරිසුදු කර අවසානයේ ලුණු වතුරෙන් දෝයනය කිරීම වඩාත් වැදගත් වෙනවා.. එසේම යළි ගෘහභාණ්ඩ පිහිටුවීමේ දී නිවෙසේ බිත්තිවලට සමාන්තරව හෝ ලම්භකව (ඉලක්කව) ගෘහ භාණ්ඩවල දාර පිහිටීම යහපත් ශක්ති ගලනයකට හේතු වෙනවා.

මේ නිසා නිවෙසේ තිබූ භාණ්ඩම පවිත්‍රකර මේ ආකාරයට යළි පිහිටුවීමෙන් සුවිශේෂ සාර්ථක ප්‍රතිඵල නිවැසියන්ට අත්වෙනවා.. වැසිකිළි භාවිතයද නිරන්තරයෙන් වාස්තු දෝෂ ඇති කරන බව අපගේ වාස්තු අත්දැකීමයි.

එහිදී වැසිකිළිය පවිත්‍රව තබා ගැනීම යහපත් බව අමුතුවෙන් කිව යුතු නොවේ… ඒ පිළිවෙතට යාව අප විසින් වැසිකිළි දොර ඉබේ වැසෙන පරිදි දොරට ක්ලෝසරයක් සවි කිරීම වැසිකිළියෙන් උපදනා අශුභ ශක්තීන් නිවෙසේ අනෙක් කොටස්වලට පැතිරීම වළක්වා ගැනීමට මහත් සේ ඉවහල් වෙනවා.

වැසිකිළි කොමෝඩයේ පියනද නිරන්තරයෙන් වසා තැබීමට නිවැසියන් පෙළඹවීමටද මේ අවස්ථාව නිමිත්තක් කොට ගත හැකියි… නිවෙසේ ශක්තිය වැඩිදියුණු කර ගැනීමට මනා රුකුලක් සපයන අංගයක් වන්නේ නිවෙස වටා ඇති උද්‍යානය හෙවත් මිදුලයි.

මිදුලේ පොදුවේ පැතිරී ඇති ගහකොළ විධිමත් කිරීමද නිවෙසේ අභ්‍යන්තර ශක්තියද එමඟින් නිවැසියන්ගේ ශක්ති ශරීරය හෙවත් ඕරාව (Aura) බලවත් ගැනීම සිදුකළ හැකියි.. මේ සඳහා කළ යුත්තේ ඊශාන දිශාව ප්‍රධානව උතුර හා නැඟෙනහිර දිශාවල පිහිටි ගහකොළ හැකිතාක් උසින් අඩුවන පරිදි කප්පාදු කොට ගැනීමයි.

එසේම උතුර, නැඟෙනහිර, ඊශාන දිශාවන්හි හැකිතාක් මල් පිපෙන සුවඳ හමන හා ඖෂධීය ගුණ සහිත ශාක වැඩියෙන් යොදා ගැනීමද අතිශයින් පලදායී වෙනවා.. ගෙඩි හැදෙන ගස් වයඹට යෙදීම අශුභ ශක්තීන් හට ගැනීම අවම කිරීමට හේතු වෙනවා.

එසේම උසින් වැඩි ගස් වර්ග නිරිත, දකුණ හා බස්නාහිර පැතිවලට පිහිටුවීමද අතිශයින් ප්‍රයෝජනවත් වෙනවා… මෙයට අමතරව හැකිතාක් උණ කුලයේ ශාක මේ පැතිවල පිහිටුවීමද ප්‍රයෝජනවත් වන බව කිය යුතුයි.

මෙසේ විවිධ සරල වාස්තු පිළිවෙන් ඇරඹීමට නිමිත්තක් ලෙස සිංහල අලුත් අවුරුද්ද යොදා ගැනීම ජීවිතය අතිශයින් සාර්ථක කර ගත හැකි, නිරෝගී, සෞභාග්‍යවත් ඉදිරියකට පියවර තැබිය හැකි අවස්ථාවක් බව මෙහිදී අවධාරණය කළ යුතුව තිබෙනවා.

ReeCha