මත්ද්‍රව්‍ය සමඟ කටුනායකදී තිදෙනෙකු අත්අඩංගුවට (PHOTOS)

Report

කුෂ් සහ හශීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් අද (14) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා .

අදාළ මගීන් තිදෙනා බැංකොක් සිට මෙරටට පැමිණ ඇති අතර සැකකරුවන් රේගු පරිශ්‍රය පසුකර යාමට උත්සාහ කිරීමේදි ඔවුන් නවතා පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන් කටයුතු කර තිබෙන බවයි සඳහන් වන්නේ .

උසස් පෙළ විභාග ප්‍රතිපල සම්බන්ධයෙන් දැන් නිකුත් වූ නිවේදනය මෙන්න

උසස් පෙළ විභාග ප්‍රතිපල සම්බන්ධයෙන් දැන් නිකුත් වූ නිවේදනය මෙන්න

එහිදී ඔවුන්ගේ ගමන් මළු තුළ තිබූ බිස්කට් සහ චිප්ස් බෑග් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිව තිබෙනවා .

සොයාගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය අතුරින් කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1,616ක් සහ හශීස් ග්‍රෑම් 1,762ක් රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 45කට ආසන්න බවයි රේගුව පවසන්නේ .

මෙම සැකකරුවන් අතුරින් දෙදෙනෙක් කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වන අතර අනෙකු පුද්ගලයා බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .

2025 ගොඩම යන්නේ තරාදි කාරයෝ... මිල මුදල් අඩුවක්ම නැති වසරක්

2025 ගොඩම යන්නේ තරාදි කාරයෝ... මිල මුදල් අඩුවක්ම නැති වසරක්

ශ්‍රී ලංකා රේගුව පැවසුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෑතකදි සිදුකරන ලද සුවිශේෂී අත්අඩංගුවට ගැනීම් අතුරින් එකක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම හැඳින්විය හැකි බවයි .

සැකකරුවන් හා මත්ද්‍රව්‍ය පිළිබඳ පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සැකකරුවන් හා මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදීමටද පියවර ගෙන තිබෙනවා .


GalleryGalleryGallery