තංගල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය රටට ඇතුළු වුණේ මෙහෙමයි
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයගත් මත්ද්‍රව්‍ය තොගය රටට ආ හැටි අනාවරණය වේ.
ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය යාත්‍රා දෙකකින් මුහුදු මාර්ගයෙන් පෙරේදා මෙරටට ගෙනැවිත් ඇති බව වාර්තා වෙයි. එම මත්ද්‍රව්‍ය තොගය කුඩාවැල්ල මාවැල්ල වෙරළින් ගොඩබා පසුව මියගිය තැනැත්තන් තිදෙනා එම ස්ථානයේ සිට ඇති බවත් ඔවුන් එහිදී මත්පැන් පානය කර ඇති බවත් පොලීසිය පවසයි.
එතැන් සිට ඔවුන් වෙරළ අසළ තිබූ නිවසකට මත්ද්‍රව්‍ය තොගය ගෙන ගොස් පසුව එම තොගය ලොරි රථවලට පටවා සීනිමෝදර සහ ගොඩැල්ලවෙල ප්‍රදේශවලට අවස්ථා දෙකකදී ප්‍රවාහනය කර ඇති බව පොලීසිය පවසයි.
මාවැල්ල වෙරළේ සිට සීනිමෝදර නිවසට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ඔවුන් පසුව එම නිවසේදී ද මත්පැන් පානය කර ඇති අතර හමුවූ මළ සිරුරු අසළ අයිස් මත්ද්‍රව්‍ය ද තිබූ බව පොලීසිය ඊයේ සඳහන් කළේය.
එම නිවසේ සිට මත්පැන් පානය කළ තිදෙනා අතුරින් රෝගී වූ 49 හැවිරිදි පුද්ගලයා ඔහුගේ පුත්‍රයින් දෙදෙනා විසින් රෝහල්ගතක කෙරුණු අතර ඉන්පසු සිය පියාගේ කුඩා ලොරි රථය රැගෙන යාම සඳහා ඔවුන් සීනිමෝදර නිවසට පැමිණ තිබුණි.
එහිදී එම නිවසේ සිටි පිරිසක් තමන්ට බලහත්කාරයෙන් මත්පැන් පානය කරවීමට උත්සාහ කළ බව ඔවුන් පොලීසියට පවසා ඇත. මේ බව ඔවුන් හෙළි කර ඇත්තේ ඔවුන් දෙදෙනා අද පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.