සත්කාරක මෙක්සිකෝව ලෝක කුසලානය ජයග්‍රහණයකින් අරඹයි
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගයේදී සත්කාරක රටක් වන මෙක්සිකෝ කණ්ඩායම, දකුණු අප්‍රිකාව ගෝල 2-0ක් ලෙස පරාජය කිරීමට සමත් විය.
A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගය, පාපන්දු ලෝක කුසලාන තරගාවලි තුනකට සත්කාරකත්වය ලබාදුන් එස්ටාඩියෝ අස්ටෙකා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර, 9 වැනි මිනිත්තුවේදී ජූලියන් ක්විනෝන්ස් මෙක්සිකෝ කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේය.
ඒ අනුව පළමු අර්ධය අවසන් වන විට ගෝල 1-0ක් ලෙස මෙක්සිකෝව පෙරමුණ ගෙන සිටියේය.
දෙවැනි අර්ධයේදී ද සටන්කාමී ක්‍රීඩා රටාවක් පවත්වාගෙන ගිය මෙක්සිකෝ කණ්ඩායම, 67 වැනි මිනිත්තුවේදී තවත් ගෝලයක් රැස් කිරීමට සමත් වූ අතර, එය ක්‍රීඩාංගණයේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත පාපන්දු ලෝලීන් උද්යෝගයට පත් කළේය.
ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ගෝල 2-0ක ජයක් සත්කාරක මෙක්සිකෝ කණ්ඩායමට හිමි විය.
මෙම තරගයේදී විනිසුරුවන් විසින් රතු කාඩ්පත් තුනක් නිකුත් කළ අතර, එය තරගයේ උණුසුම සහ තරගාවලියේ උද්යෝගය තවදුරටත් ඉහළ නැංවීමට හේතු විය.