තවත් බිහිසුණු අනතුරක් - තිදෙනෙක් ජීවිතක්ෂයට 10කට තුවාල
මුන්දලම - නවදන්කුලම ප්‍රදේශයේදී බිහිසුණු අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෝටර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
එසේම එම අනතුරින් 10 දෙනෙකු තුවල ලබා රෝහල්ගත කර ඇති බවටත් වැඩිදුර තොරතුරු වාර්තා වේ.