බිහිසුණු මාරක අනතුරු රැසක් එක පොදියට - ජීවිත ගණනාවක් අහිමි වෙයි

Report

රට පුරා සිදු වූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව මහනුවර පොලිස් වසමේ බෝගම්බර වටරවුම දෙස සිට බෝගම්බර බස් පර්යන්තයට ධාවනය වූ පුද්ගලික බස් රථයක් පදික මාරුව හරහා ගමන්ගත් කාන්තාවකගේ ගැටී ඊයේ (11) දින සිදු වූ අනතුරින් එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව මහනුවර රෝහලට ඇතුළත් කිරීමේදී මෙසේ මියගොස් ඇත. එම කාන්තාව වයස අවුරුදු 56ක් වූ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.

මේ අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. එමෙන්ම කොළඹ මහනුවර මාර්ගයේ රදාවඩුන්න ප්‍රදේශයේදී ද සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

අනතුර සිදුව ඇත්තේ මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් පදික පුද්ගලයෙකුගේ ගැටීමෙන්. එසේම අනතුරින් පදික පුද්ගලයා බරපතළ තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

"මගේ නළල ඉඹලා මාව රූම් එකට අරන් ගියා" - ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු ජරා වැඩේ පත්තුවෙයි

"මගේ නළල ඉඹලා මාව රූම් එකට අරන් ගියා" - ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු ජරා වැඩේ පත්තුවෙයි

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 81ක් වූ පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එමෙන්ම අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඊට අමතරව මීගමුව - මීරිගම මාර්ගයේ ද ඊයේ (11) දිනයේ මාරක අනතුරක් සිදුව තිබෙනවා. පොත්තොඩ කනත්ත ඉදිරිපිටදී මාර්ගය හරහා ධාවනය වූ යතුරුපැදියක් හා මීගමුව දෙස සිට මීරිගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අඳාළ අනතුර සිදුව ඇත.

එම අවස්ථාවේදී යතුරුපැදිකරුවන් හා පසුපැදිකරුවෙකු බරපතළ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු ජිවීතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 64ක් වූ කඳවල, කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ලංකාවට මොකක්ද මේ වෙන්න යන්නේ භයානක තත්ත්වයක් ගැන දැනුම්දෙයි - රෝගීන් 2,420ක්

ලංකාවට මොකක්ද මේ වෙන්න යන්නේ භයානක තත්ත්වයක් ගැන දැනුම්දෙයි - රෝගීන් 2,420ක්

එමෙන්ම පුත්තලම - අට්ටවිල්ලුව අතුරු මාර්ගයේදී 06 කණුව දෙස සිට අට්ටවිල්ලුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙසේ මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි. එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 30ක් වූ කදවල, අට්ටවිල්ලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම අනතුරින් පසු ලොරි රථය එම ස්ථානයේ දමා රියදුරු පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.

කුණාටුව ඉවර වෙද්දී ඔන්න දැන් අලුත් ප්‍රශ්ණයක්

කුණාටුව ඉවර වෙද්දී ඔන්න දැන් අලුත් ප්‍රශ්ණයක්