ඊශ්‍රායල ප්‍රහාර හමුවේ බොරතෙල් මිලියන 20ක් ප්‍රවාහනය කරන ප්‍රධාන වෙළඳ මාර්ගයක් වසයි
ඇමෙරිකාව සහ ඊශ්‍රායල එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරය පසුපසින්, ලෝකයේ වැදගත්ම බොරතෙල් වෙළඳ මාර්ගවලින් එකක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීම සඳහා ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක බලකාය ක්‍රියාත්මක වී තිබේ.
ඔවුන් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිතා කරන නැව්ගත යාත්‍රා සඳහා රේඩියෝ පණිවුඩ මඟින් එම මාර්ගය භාවිතා කිරීමට අවසර නොමැති බව දැනුම් දී තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය පර්සියානු බොක්ක, ඕමාන් බොක්ක සහ අරාබි මුහුදසමඟ සම්බන්ධ වන අතර, දිනකට බොරතෙල් බැරල් මිලියන 20ක් මෙහිින් ප්‍රවාහනය වේ.
මෙය ලෝක බොරතෙල් පරිභෝජනයෙන් සියයට 20ක් වන අතර, ද්‍රව වායුද මාර්ගය හරහා මෙයින් අපනයනය වේ.
පසුගිය දිනවලදී හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිතා කරන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඕමාන වෙරළට ඔබ්බෙන් ප්රහාරයක්එල්ල විය.
නෞකාවේ නාවිකයන් 20 දෙනා සිටියත්, ඔවුන් සියලුදෙනා ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇත. මෙම ප්‍රහාරයෙන් සිව් දෙනෙකු තුවාල ලැබූ බවත් ඕමානය ප්‍රකාශ කර ඇත.