හෝමාගම කැම්පස් සිසුවා මියගියේ හෘදයාබාධයකින්
හෝමාගම ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර මියගිය සරසවි සිසුවාගේ මරණයට හෘදයාබාධයක් හේතුව බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත, වැල්ලව ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.
පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ ඊයේ (09) රාත්‍රියේ මෙම සාදය පවත්වා ඇති අතර එහිදී බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ගැටුමක්ද හටගෙන තිබූ බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම විශ්වවිද්‍යාලයේම සිසුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.