මාංචු දාන්න රට වටේ හොයද්දි දේශබන්දු හැංගුන බල පුටු ගැන එළි වෙයි..පැනලා ගියාට හැංගුනේ නැල්ලු
නීතිඥ සංජය වීරවික්රම විසින් වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට නියම කර තිබියදී සැඟව සිට ඇත්තේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇතුළු පිරිසක් සහ තමා සමග බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඔහු මේ බව කියා ඇත්තේ ඊයේ (17) දින දේශබන්දු තෙන්නකොන් සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව රැස් වූ විට එහිදී සාක්ෂි ලබා දෙමින්.
ඒ අනුව ඔහු විසින් දේශබන්දු තෙන්නකෝන් සැඟව සිටියත්, නමුත් පලා ගොස් සැගව සිටියේ නැති බවට කියූ විට ඊට ප්‍රතිචාර ලෙස “නැති සාක්ෂි හැදීමෙන් වළකින ලෙසට” සභාපතී ප්‍රිතී පද්මන් සූරසේන පවසා ඇත.
තවද වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කියා ඇත්තේ වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිදුවීමේදී මිය ගිය පොලිස් නිලධාරියාට පොලිස් ත්‍යාග මුදල් වශයෙන් දුන් ලක්ෂ 15ක මුදලට අමතරව ජනාධිපති අරමුදලින් ලක්ෂ 25ක් ලබා දීමට කටයුතු කර ඇති බවත් ඒ සඳහා එවකට ජනාධිපතිවරයාගෙන් ඊට අදාළ ඉල්ලීම කරන්නට ඇත්තේ එවකට පොලීසිය භාර ඇමැතිවරයා වූ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් බවට තමන් විශ්වාස කරන බවත්ය.
ඒ අනුව අඳාළ ඉල්ලීම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සිදුකළ නොහැකි බවත් ජීවිතක්ෂයට පත් පොලිස් නිලධාරියාට ජනාධිපති අරමුදලින් ලක්ෂ 25 මුදලක් දීමේ යෝජනාව ඇමැති ටිරාන් අලස්ට යොමුකරන්නට ඇත්තේ දේශබන්දු තෙන්නකෝන්ම බවත් ඔහු දක්වයි.
එමෙන්ම එසේ ලබා දී ඇති රුපියල් ලක්ෂ 40 මුදලක් මියගිය නිලධාරියාගේ බිරියගේ බැංකු ගිණුමකට යොමුකර ඇත. එසේම අඳාළ මුදල ලබාගත නොහැකි ලෙස අත්හිටුවීමකට ලක්කර ඇති බවත් වැඩබලන පොලිස්පතිවරයා කියයි.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් පැවසුවේ අදාළ නිලධාරියාගේ බිරියගේ ගිණුමට එසේ බැරකර තිබෙන්නේ රාජ්‍ය මුදල් නිසා මෙසේ එම මුදල් අවභාවිත වීමට ඉඩ දිය නොහැකි බවයි.
මාතර, වැලිගම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව වාර්තාවක් ලබා දෙන ලෙසට ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එවකට වැඩ බලන පොලිස්පතිවරයාව සිටි දේශබන්දු තෙන්නකෝන්ගෙන්ට අවස්ථා දෙකකදී දැනුම් දී ඇතත් අවස්ථා දෙකකදීම දේශබන්දු කොමිෂන් සභාවට යොමුකර ඇත්තේ එකම ලිපියයි. එසේම එවකට පොලිස්පතිවරයාව ක්‍රියා කළ විත්තිකාර දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස් විශේෂ කාර්ය බළකායේ 28ක්, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ 09ක් සහ විශේෂ ආරක්ෂක කොට්ඨාසයේ 06ක් ලෙස 43 දෙනෙකුගේ ආරක්ෂාවක් ලබා දී තිබුණා.
එහෙත් නොදන්වා සැඟව සිටීමට පොලිස්පතිවරයා ක්‍රියා කළ නිසා එම 43 දෙනා යළි අදාළ කොට්ඨාසවලට කැඳවීමට කටයුතු කළ බවත් සාක්ෂිකාර වැඩබලන පොලිස්පතිවරයා පවසයි.
ඊට අමතරව පොලිස්පති ධුරයේ වැඩ තහනමට ලක්වූ පසු වැටුප් සහ දීමනා ලබා දීම පිළිබඳව තමා මුලින්ම නීතිපතිවරයාගෙන් විමසූ විට, නීතිපතිවරයාට මෙය අදාළ කාරණයක් නොවන බැවින් එය විගණකාධිපතිවරයාගෙන් විමසන ලෙස නීතිපතිවරයා දැනුවත් කළ බවත් ඔහු පවසයි.
එබැවින් විගණකාධිපතිවරයාගෙන් එය විමසූ විට වැටුප් ගෙවීම ගැටලුවක් නැති බව දැනුම් දුන් බව ද වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කරයි.
එනිසා මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමට නියෝග කරන තුරු අදාළ වැටුප් සහ දීමනා ගෙවීමට කටයුතු කර ඇති අතර පසුව මෙම නියෝගයත් සමඟ එය අත්හිටවූ බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් කියූ බව වාර්තා වේ.