සුබ ආරංචියක් - හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නතර කරයි

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජිත සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායල හමුදාව සහ එරට භූමිය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර අද (08) උදෑසන සිට නතර කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත් වීම මත ඉදිරිපත් වූ මෙම සටන් විරාම ගිවිසුමට ගරු කරමින් හිස්බුල්ලා සංවිධානය මෙලෙස සිය යුද ක්‍රියාකාරකම් අත්හිටුවා තිබේ.

ප්‍රභාකරනුයි ජේවීපී එකයි මේ රට විනාශ කළේ මන්ත්‍රී සුජීව මැතිසබය දෙවනත් කරයි

ප්‍රභාකරනුයි ජේවීපී එකයි මේ රට විනාශ කළේ මන්ත්‍රී සුජීව මැතිසබය දෙවනත් කරයි

කෙසේ වෙතත්, හිස්බුල්ලා සංවිධානය ප්‍රහාර නතර කර තිබියදීත්, ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ ජනතාවට තවදුරටත් එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස නියෝග නිකුත් කරමින් සිටින බව වාර්තා වේ.

මෙම සටන් විරාම ගිවිසුමට ලෙබනනය ඇතුළත් නොවන බව ඊශ්‍රායල බලධාරීන් අවධාරණය කර සිටින අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ එම ප්‍රකාශය කලාපයේ පවතින සාමකාමී වාතාවරණය පිළිබඳව යළිත් අවිශ්වාසයක් මතු කර ඇත.

ගොවි ජනතාවට සුභ ආරංචියක් - ගොවිජන සේවා කොමසාරිස් ජනරාගෙන් නිවේදනයක්

ගොවි ජනතාවට සුභ ආරංචියක් - ගොවිජන සේවා කොමසාරිස් ජනරාගෙන් නිවේදනයක්

මෙම අර්බුදකාරී තත්ත්වය සහ සටන් විරාම ගිවිසුම පිළිබඳව හිස්බුල්ලා සංවිධානය ඉදිරියේදී සිය නිල ස්ථාවරය ප්‍රකාශ කිරීමට නියමිතය.

ලෙබනනය සටන් විරාමයට ඇතුළත් නොවන බවට ඊශ්‍රායලය පවසන පසුබිමක, හිස්බුල්ලා සංවිධානයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවෙයි.