අත්අඩංගුවට ගත් දික්ඕවිට ධීවරයාගේ යාත්‍රාවේ හෙරොයින් සහ අයිස් කිලෝ 350කට වැඩි ප්‍රමාණයක්
නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් දික්ඕවිට ධීවරයාගේ යාත්‍රාවේ තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය 350kgකට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.
මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 5කට ආසන්න වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. බටහිර මුහුදේ ගැඹුරු ප්‍රදේශයකදී නාවික හමුදාව භාරගත් මෙම යාත්‍රාවේ උර 16ක් තිබූ අතර, එහි තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ද්‍රව්‍ය තොගයක් අඩංගු බහු දින ධීවර යාත්‍රාවක් යාත්‍රා කරමින් පවතින බවට ලැබුණු තොරතුරක් මත නාවික හමුදාව ඊයේ සිදු කළ මෙහෙයුමක දී අදාළ යාත්‍රාව සිය භාරයට ගෙන තිබුණි.
අනතුරු ව බහු දින යාත්‍රාව සිය භාරයට ගත් නාවික හමුදා නිලධාරීන් යාත්‍රාවේ සිටි සැකකරුවන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් සමඟ අදාළ බහු දින ධීවර යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වන විට දික්ඕවිට ධීවර වරායට රැගෙන විත් තිබේ.