ආණ්ඩුවට ඡන්ද අඩු වුන හේතුව මෙන්න. බිම වැටුනත් හොට ඇනුනේ නැහැ?

Report

ජාතික ජන බලවේග ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයේ දී ලද ඡන්ද ප්‍රමාණය අඩු වීමට වැඩ කරන දිනයක ඡන්දය පැවැත්වීම බලපෑ බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

මුහුණු වහනවද? ඇතුලට යන්න වෙයි...

මුහුණු වහනවද? ඇතුලට යන්න වෙයි...

එසේම සිංහල හින්දු අලුත් අවුරුද්ද අවසන් වූ විගස සහ වෙසක් උත්සව සමය ආසන්නයේ ඡන්දය පැවැත්වීම ද භාවිත කළ ඡන්ද ප්‍රමාණය පහළ යෑමට හේතු වූ බවයි, ඔහු පෙන්වා දුන්නේ.

එය ආණ්ඩුව කෙරෙහි පවතින අප්‍රසාදයක් නිසා මතු වූ තත්ත්වයක් නොවන බව ද නි. ඇමතිවරයා අවධාරණය කරයි.

මාලිමාවට ඊළග අවුරුද්දේ 3%වත් නෑ - උදය ගම්මන්පිල

මාලිමාවට ඊළග අවුරුද්දේ 3%වත් නෑ - උදය ගම්මන්පිල

ඔහු මේ බව ප්‍රකාශ කළේ, මෙවර මැතිවරණයේදී ආණ්ඩුව ජනතාවට එපා වීම නිසා ඡන්ද භාවිතය අඩු වී ඇති බවට විපක්ෂය නඟන චෝදනාවලට පිළිතුරු දෙමිනි.